spot_img
spot_imgspot_img

ගීතා දැඩි කළකිරීමකින්. පාර්ලිමේන්තුවේ දී ස්වාධීන වෙයිද ?

පුවත්

විදෙස්

පොදු ජන පෙරමුණේ නෙළුම් පොකුණ කාර්යාලයේ පුද්ගලයකු තමන්ට ලැබිය යුතු අමාත්‍යධූරය අහිමිකිරීම සම්බන්ධයෙන් දැඩි කලකිරීමක් ඇතැයි ගාල්ල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ගීතා කුමාරසිංහ පවසයි.

ඇය මේ බව කියා සිටියේ මාධ්‍යවේදී චමුදිත සමරවික්‍රම සමග සාකච්චාවකට එක්වෙමිනි.

එහි දී ඇය වැඩිදුරටත් කියා සිටියේ මහින්ද රාජපක්ෂ මහතාට ජනාධිපතිධූරය අහිමිවී සිටි කාලයේ දී සිටියේ තමන් ඇතුළු 53 දෙනෙකු පමණක් බවයි. නමුත් අනෙක් 52දෙනාට ම ඇමතිධූර හිමි වූ බවත් තමන්ට පමණක් ඇමතිධූරය අහිමිකර ඇති බවටත් ඇය චෝදනනා කරයි.

“මට ඩිප්‍රෙෂන් පවා ආවා. ඇමැතිධූර දෙන දවසේ මටත් නුවරට එන්න කියලා තිබුණා. ඒකාබද්ධ විපක්ෂයේ හිටපු 53 දෙනාටම මමත් එතැන හිටියා. ඒත මට ඇරෙන්න අනිත් හැමෝටම ඇමතිධූර දුන්නා. එතෙන්දිත් ඇයි මට මෙහෙම වුණේ කියලා හිතුවා. ජනාධිපතිතුමා ගැන අගමැතිතුමා ගැන ලොකු විශ්වාසයක් තිබුණා. ඒ නිසා හිතුවා මටත් ඇති කියලා. නමුත් තිබුණේ නැහැ. ඔය නම් 52 ඇරියේ නෙළුම් මාවතෙන්. අන්තිම කාලේ මගේ මන්ත්‍රීධූරය අහිමිවෙලා තිබුණු නිසා නම දාන්න නැතිව ඇති. ඒ වෙලාවේ මට මෛත්‍රී මහත්තයා කතා කළා. එදා මම ආරාධනාව පිළිගත්තා නම් ඇමති කෙනෙක්. නමුත් ප්‍රතිප්තතිගරුකව සිටීම හොඳයි කියලා හිතනවා ඇමතිධූර ගන්නවාට වඩා. මම 2010 දී දේශපාලනයට ආවේ මහින්ද මහත්තයා දිනවන්න. යහපාලනේ කට්ටිය කළේ කැත වැඩක් අපේ ම පක්ෂේ කෙනෙක් දාලා මට නඩු දැම්මා. නමුත් අපේ අයත් කළේ මේ විදියට. එහෙම කළා කියලා මම පක්ෂයට විරුද්ධව යන්නේ නැහැ. මට කෙනෙහිළිකම් වෙලා තියෙනවා. ගීතා මුල ඉදලාම මේ සටනේ හිටියා. පාර්ලිමේන්තුවට කළු පටි ගෙනියන්න කවුරුවත් හිටියේ නෑ. මම ගෙනිච්චේ. කියන කියන වෙලාවට පාරට බහින්න. කෑ ගන්න හිටියේ මම.  හැම උද්ඝෝෂණයකදී ම මම හිටියා. ඒත් මාව විතරයි කැපුවේ.”

ඇය පවස්නනේ තමන්ට සාධාරණයක් සිදුවනු ඇතැයි තවමත් විශ්වාස කරන බවයි.

“මට පාර්ලිමේන්තුවේ කතා කරන්නවත් විනාාඩි 05ක් ගන්න අමාරුයි. මම ගොඩක් කැපවීම් කළා. පවුල, මහත්තයා දුව හැමෝම දාලා ස්විට්සර්ලන්ත පුරවැසිකම අතහැරලා ආවේ හරියට අභිනිෂ්ක්‍රමණය කළාවගේ. ව්‍යාපාර පවා අතහරින්න සිදුවුණා. කතා කරන්න සෙට් එකක් ඉන්නවා. ඒ අයට විතරයි කතා දෙන්නේ. මම ඡන්දයට කොයි තරම්නම් සල්ලියක් වියදම් කළා ද ? වෙලාවකට හිතෙනවා විනාඩි 05ක් පාර්ලිමේන්තුවේ කතාකරන්න ලැබෙන කාලයට මම කොච්චර වියදම් කරලාද කියලා ගණන් හදලා කියන්නත්. මේ සියල්ල මෙහෙයවන්නේ එක පුද්ගලයෙක්.”

ඇය පවසන්නේ තමන්ට පක්ෂයෙන් ඉවත් වී ස්වාධීන වීමට පවා සිත්වූ බවයි. නමුත් ගාල්ලේ ජනතාව තමන්ට ඡන්දය දුන්නේ පක්ෂය වෙනුවෙන් බැවින් එවැනි තීරණයක් නොගන්නා බව ද ඇය කියන්නීය.  

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img

Latest articles

error: Content is protected !!