-2.5 C
New York

බේරුවල සභාවේ මන්ත්‍රිනියකටත් කොරෝනා

Published:

බේරුවල ප්‍රාදේශීය සභාවේ මන්ත්‍රීවරියකට ද කොරෝනා ආසාදනය වී ඇතැයි දර්ගා නගරයේ දී සිදුකළ පීසීආර් පරීක්ෂණවල ප්‍රතිඵල අනුව තහවුරු වී ඇත.

ඇය පයාගල ප්‍රදේශයේ පදිංචිකාරියකි. බේරුවල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී වරුණ සෙනෙවිරත්න පවසන්නේ බේරුවල ප්‍රාදේශීය සභාවේ මන්ත්‍රීවරයකුට කොරෝනා ආසාදනය වී තිබීම හේතුවෙන් මෙම පීසීආර් පරීක්ෂණ සිදුකළ බවයි. මන්ත්‍රීවරියට අමතරව දර්ගා නගරයේ පදිංචි තවත් දෙනෙකු ද ආසාදිතයන් බව තහවුරු වී ඇත.

එම දෙදෙනා මීට පෙර ආසාදිත බව හඳුනාගත් මන්ත්‍රීවරයාගේ සොයුරිය සහ පුත්‍රයාය.

කොරෝනා ආසාදිත බවට අද (27) පසුගිය ප්‍රාදේශීය සභා රැස්වීමේ දී කලින් කොරෝනා ආසාදිත බව හඳුනාගත් මන්ත්‍රීවරයාට ඉදිරි අසුනේ වාඩිවී සිටි බව ද පවසා ඇත.

Related articles

Recent articles

spot_img