-2.5 C
New York

කොරෝනා ආසාදනය වූ, අකුරැස්සේ කාන්තාව හෝමාගම දී මියයයි

Published:

ගාල්ල කරාපිටිය රෝහලේ නේවාසිකව ප්‍රතිකාර ලබමින් සිටිය දී කොරෝනා ආසාදිතයකු බවට හඳුනාගත් අකුරැස්සේ පදිංචි කාන්තාව අද (27) සවස මියගොස් ඇතැයි සෞඛ්‍ය අංශ පවසයි.

මෙම කාන්තාව වකුගඩු රෝගයක් හේතුවෙන් රුධිර කාන්දු පෙරණය සඳහා රෝහලට ඇතුළත් කර සිටිය දී මානසික රෝගයකට ප්‍රතිකාර කිරීමට කරාපිටිය ශික්ෂණ රෝහලේ මානසික රෝග ඒකකයට ඇතුළත් කර සිටිය දී කොරෝනා ආසාදිත බව තහවුරු විය.

අනතුරුව හම්බන්තොට කොරෝනා විශේෂ ප්‍රතිකාර ඒකකයට ඇතුළත් කළ ඇය අසාධ්‍ය තත්ත්වයෙන් පසුවූ බැවින් හෝමාගම රෝහලට ඇතුළත් කර තිබිය දී මියගියාය.

ඇයගේ මරණය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් නිල වශයෙන් නිවේදනය කරන තුරු මෙරට දී මියගිය අයගේ ලේඛනයට ඇතුළත් වන්නේ නැත. සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා ලබාදෙන තොරතුරු අනුව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව විසින් දැනුම් දී ඇත්තේ මෙරට සිදුව ඇති මරණ සංඛ්‍යාව 99ක් බවයි.

Related articles

Recent articles

spot_img