කරාපිටිය ශික්ෂණ රෝහලේ පිළිකා අංශයේ ශල්‍ය වෛද්‍ය විශේෂඥ ක්‍රිසන්ත පෙරේරා තම කනින් ඇද ටොකු ඇන හිසට පරහදුන්නේ යැයි කණිෂ්ඨ වෛද්‍යවරියක විසින් කරන ලද පැමිණිල්ල එම වෛද්‍යවරිය විසින් ඉදිරිපත් කරනු ලබන සාක්ෂි අනුව සනාථ නොවන බව පොලිසිය ගාල්ල මහේස්ත්‍රාත් අධිකරණයට වාර්තා කර තිබේ.
පැමිණිල්ල සිදුකර ඇත්තේ කරාපිටිය ගෝල්ඩන් රේන්ජ් හි පදිංචි සාගරිකා දිලූශානි සේනානායක නම් වෛද්‍යවරියක විසිනි.
ගාල්ල පොලිස් කොට්ඨාස ළමා හා කාන්තා කාර්යාංශයේ ස්ථානාධිපතිනි ප්‍රධාන පොලිස් පරීක්ෂක වරුණි බෝගහවත්ත විසින් මෙම කරුණු මහේස්ත්‍රාත් අධිකරණය වෙත වාර්තාකර ඇත්තේ 2020 නොවැම්බර් 17 වැනි දින දී ය. ඇය එම කරුණු වාර්තා කරමින් අධිකරණයට දැනුම් දී ඇත්තේ ඊට පෙර 2020 නොවැම්බර් මස 03 වැනි දින පළමු වරට අධිකරණයට කරුණු වාර්තා කළ බවයි. එසේ අධිකරණයට කරුණු වාර්තා කර තිබිය දී නැවත 2020 නොවැම්බර් මස 04 වැනි දින පැමිණිලිකාර වෛද්‍යවරිය නීතිඥ රවීන්ද්‍රනාත් දාබරේ සහ රජයේ වෛද්‍ය නිධාරීන්ගේ සංගමයේ සාමාජිකයන් පිරිසක් සමග පැමිණ ලිඛිත පැමිණිල්ලක් ඉදිරිපත් කළ බව වරුණි බෝගහවත්ත අධිකරණයට දැනුම් දී ඇත. එම පැමිණීල්ල විමර්ශනයේ දී ඇයගෙන් ගත් ප්‍රකාශයෙන් කලින් නම් සඳහන් නොකළ සාක්ෂි කරුවන් නම් කර තිබූ බවත් වෛද්‍ය ක්‍රිසාන්ත පෙරේරාගේ ක්‍රියාව හේතුවෙන් තම රාජකාරියට බාධාවක් සිදුව ඇති බවත් සඳහන්ව තිබී ඇත.
ප්‍රධාන පොලිස් පරීක්ෂකවරිය විසින් එම පැමිණිල්ල විමර්ශනය කරමින් පැමිණිලිකාර වෛද්‍යවරිය විසින් පහර දුන්නා යැයි කියන සිද්ධිය ඇසින් දුටු බවට පවසන අනෙකුත් සියලු දෙනාගෙන් සාක්ෂි සටහන් කරගනිමින් ඒ සාක්ෂි සටහන් ද අධිකරණයට වාර්තා කර තිබේ.
මෙම කරුණු අධිකරණයට වාර්තා කරමින් රමණී බෝගහවත් ස්ථානාධිපතිනිය පවසන්නේ මෙම සිදුවීම සම්බන්ධයෙන් පැමිණිලිකාරිය විසින් ඉදිරිපත් කරන ලද සාක්ෂිකරුවන් විසින් ලබාදෙන ලද ප්‍රකාශ මත මෙම සිදුවීම සනාථ නොවන බවයි. එමෙන්ම වෛද්‍යවරිය විසින් ලබාගන්නා ලද අධිකරණ වෛද්‍ය වාර්තාවේ අංක 7405 දරණ කෙටි වෛද්‍ය වාර්තාවේ පිටපතක් ද ඇය විසින් අධිකරණයට වාර්තා කර ඇත.
ක්‍රිසන්ත පෙරේරා විශේෂඥ වෛද්‍යවරයා විසින් තම රාජකාරියට බාධා කර ඇතැයි පැමිණිලිකාර වෛද්‍යවරිය විසින් පොලිසියට දැනුම් දුන්න ද ඇය තම ආසන්නතම බලධාරියා වන කරාපිටිය ශික්ෂණ රෝහලේ අධ්‍යක්ෂවරයාට ඒ සම්බන්ධයෙන් පැමිණිලි කර නොමැති බව ටී.එච්.කේ./සී.සී./05/2020 ලිපියෙන් සනාථ වන බවත් වාර්තා කරන පොලිස් ස්ථානාධිපතිනිය එය DWCIB/31/20 යටතේ ගොනුකර පිටපත අධිකරණයට ඉදිරිපත් කර තිබේ.
මෙම පැමිණිල්ල සම්බන්ධයෙන් මෙතෙක් ලද සාක්ෂි අනුව පැමිණිල්ලේ ඉදිරිපත් කරන ලද කාරණා සනාථ නොවන බැවින් තවදුරටත් මේ සම්බන්ධයෙන් සාක්ෂි සටහන් කිරීම හා වර්තා කැඳවීම සිදුකිරීමට තිබෙන බැවින් ඉදිරි විමර්ශන කටයුතු පවත්වන බව ද ගාල්ල කොට්ඨාස ළමා හා කාන්තා කාර්යාංශයේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක වරුණි බෝගහවත්ත මහේස්ත්‍රාත් අධිකරණයට දැනුම් දී තිබේ.