-2.5 C
New York

ලෙබනනයේ සිට ආ පිරිස නිරෝධායනයට යද්දී අනතුරක

Published:

ලෙබනනයේ සිට පැමිණ නිරෝධායනය සඳහා ගෙන යමින් සිටි ශ්‍රී ලාංකිකයන් රැගත් බස් රථයක් අනතුරට පත්විමෙන් 17 දෙනකු තුවාල ලබා ඇතැයි පලෙයි පොලිසිය පවසයි.

කිලිනොච්චිය විඩච්තපලෙයි නිරෝධායන මධ්‍යස්ථානය වෙත 256 දෙනකු රැගෙන යමින් සිටි බස් රථ අතරින් එක් රථයක් මාර්ගයෙන් ඉවතට පැන විශාල ජල නලයක වැදීමෙන් අනතුර සිදුව ඇත.

පොලිසිය පවසන්නේ රියදුරාට නින්දයාම හේතුවෙන් අනතුර වූ බව මූලික පරීක්ෂණයේ දී අනාවරණය වූ බවයි. බසයේ සිටි මගීන් 14 දෙනකු පලෙයි රෝහලට ඇතුළත් කර සිටින අතර රියදුරා සහ කාන්තාවන් දෙදෙනකුගේ තත්ත්වය බරපතල බැවින් ඔවුන් යාපනය ශික්ෂණ රෝහලට මාරු කර යවා ඇත.

Related articles

Recent articles

spot_img