-2 C
New York

අටලුගම මුස්ලිම් ජාතිකයන් PCR පරීක්ෂණවලට බියෙන්

Published:

“කොරෝනා ජාතියට හෝ ආගමට අදාල ගැටලුවක් නොවෙයි. ඒ නිසා මා මුස්ලිම් ජනතාවගෙන් ඉතාමත් කාරුණිකව ඉල්ලා සිටිනවා කරුණාකර පීසීආර් පරීක්ෂණ සඳහා ඉදිරිපත් වන්න කියා. එයට බිය වෙන්න අවශ්‍ය නෑ. මේ ගැන මා මුස්ලිම් ආගමික හා සමාජ නායකයන්ටත් කිව්වා.” යැයි බණ්ඩාරගම ප්‍රාදේශීය සභාවේ සභාපති දේවේන්ද්‍ර පෙරේරා පවසයි.

අටළුගම ප්‍රදේශයේ හුදකලා කර ඇති ග්‍රාම නිලධාරී වසම්වල වැඩි පිරිසක් මුස්ලිම් ජනතාව බවත් ඔවුන් කොරෝනා හඳුනාගැනීමේ පරීක්ෂණවලට ඉදිරිපත් නොවන තත්ත්වයක් පවතින බවත් සභාපතිවරයා පවසයි.

“මේ නිසා සෞඛ්‍ය අංශත් ආරක්ෂක අංශත් විශාල ගැටලුවකට මුහුණ දී සිටිනවා. අපි මේ ප්‍රදේශයේ මුස්ලිම් නායකයන්ගෙන් ඉල්ලා සිටිනවා තමන්ගේ සහෝදරය ජනතාව මේ පරීක්ෂණ සඳහා යොමු කරන්න කියලා. මේ තතත්වය දිගින් දිගටම පැවතියහොත් වසංගතය පැතිරීම පාලනය කිරීම අපහසු වේවි.” යැයි ද සභාපතිවරයා වැඩිදුරටත් කීවේය.

Related articles

Recent articles

spot_img