-2 C
New York

අපරාධ අංශයේ ස්ථානාධිපති මරණයට හේතුව අනාවරණය වෙයි

Published:

ව්‍යායාම කරමින් සිටිය දී හදිසියේ ම මියගිය කොල්ලුපිටිය පොලිස් අපරාධ විමර්ශන අංශයේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක ජේ.එච්.නිලංග මහතාගේ මරණයට හේතුව කිරීටක ධමනිය අවහිරවීමෙන් ඇති වූ හෘදයාබාධයක් බව පශ්චාත් මරණ පරීක්ෂණයේ දී අනාවරණය වී තිබේ.

ඊයේ (26) උදෑසන මියගිය ඒ මහතාගේ සිරුරෙන් ජෛව සාම්පල රැගෙන පීසීආර් පරීක්ෂණයකට යොමුකර තිබූ අතර එහි ප්‍රතිඵල අනුව ඔහුට කොරෝනා ආසාදනය වී නැතැයි තහවුරු විය. ඒ අනුව අද (27) ඔහුගේ දේහය පශ්චාත් මරණ පරීක්ෂණයට යොමු කෙරිණි.

කොළඹ විශේෂඥ අධිකරණ වෛද්‍ය රුහුල් හක් විසින් පශ්චාත් මරණ පරීක්ෂණය සිදුකර ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ පවසයි.

ඔහුගේ මරණය සම්බන්ධ අවසන් කටයුතු මාවුස්සාගොල්ල ප්‍රදේශයේ දී ලබන 29 වැනි දා පොලිස් ගෞරවාචාර මධ්‍යයේ සිදුකරන බව ද පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා කීවේය.

Related articles

Recent articles

spot_img