-2 C
New York

දකුණේ කොරෝනා තත්ත්වය අද (27) වනවිට

Published:

දකුණු පළාතේ සමස්ථ කොරෝනා ආසාදිතයන් සංඛ්‍යාව 251ක් දක්වා ඉහළ ගොස් ඇතැයි දකුණු පළාත් කොරෝනා තොරතුරු මධ්‍යස්ථානය පවසයි.

එහි ප්‍රධාන සම්බන්ධීකරණ නිලධාරී චාමර මහගමගේ මහතා කියා සිටියේ  ඊයේ (26) අලුතින් වාර්තා වූයේ ආසාදිතයන් 04 දෙනෙකු බවයි. මෙම හතරදෙනාගෙන් දෙදෙනකු මාතර දිස්‍ත්‍රික්කයෙන් ද දෙදෙනකු හම්බන්තොට දිස්ත්‍රික්කයෙන්ද වාර්තා වී තිබේ. ගාල්ල දිස්ත්‍රික්කයෙන් අලුතින් ආසාදිතයන් වාර්තාවී නොමැත. මාතර දිස්ත්‍රික්කයේ ආසාදිතයින් දෙදෙනා කොටපොළ සහ මාලිම්බඩ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාස වලින් වාර්තාවී ඇති අතර හම්බන්තොට දිස්ත්‍රික්කයේ ආසාදිතයින් දෙදෙනා වාර්තාවී ඇත්තේ අගුණුකොළපැලැස්ස හා සූරියවැව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාශ වලිනි.

ඒ අනුව මාතර දිස්ත්‍රික්කයේ ආසාදිතයන් සංඛ්‍යාව 56ක් දක්වා සහ හම්බන්තොට දිස්ත්‍රික්කයේ ආසාදිතයන් සංඛ්‍යාව 31ක් දක්වා ඉහල ගොස් ඇත. ගාල්ල දිස්ත්‍රික්කයේ සමස්ථ ආසාදිතයන් සංඛ්‍යාව 164කි.

මේ වනවිට මාතර දිස්ත්‍රික්කයේ සුවය ලැබූ ආසාදිතයන් සංඛ්‍යාව 32කි. හම්බන්තොට දිස්ත්‍රික්කයේ ආසාදිතයන් 19ක් සුවය ලබා ඇත. ගාල්ල දිස්ත්‍රික්කයේ ආසාදිතයන් කිසිවෙකුත් සුවය ලබා ඇතැයි වාර්තා නොවන බව කොරෝනා තොරතුරු මධ්‍යස්ථානය පවසයි.

දකුණු පළාතේ මේවනවිට සිදුකර ඇති සමස්ථ පීසීආර් පරීක්ෂණ සංඛ්‍යාව 28,350කි. එයින් 13,430ක් ගාල්ල දිස්ත්‍රික්කයේ ද 8,026ක් මාතර දිස්ත්‍රික්කයේ ද 6,894ක් හම්බන්තොට දිස්ත්‍රික්කයේ ද සිදුකර තිබේ.

දකුණු පළාතේ ස්වයං නිරෝධායනයට යොමුකර ඇති පුද්ගලයන් සංඛ්‍යාව 2,488කි. ඔවුන් පවුල් වශයෙන් 1,009ක් බව ද මහගමගේ මහතා කීවේය. ගාල්ල දිස්ත්‍රික්කයේ පවුල් 511ක පුද්ගලයන් 1,183ක් නිරෝධායනයට යොමුකර ඇති අතර මාතර දිස්ත්‍රික්කයේ පවුල් 335ක පුද්ගලයන් 836ක් හා හම්බන්තොට දිස්ත්‍රික්කයේ පවුල් 163ක පුද්ගලන් 469 දෙනකු නිරෝධායනයට යොමුකර ඇත.

නිරෝධායනය වන පවුල් සඳහා රුපියල් 10,000ක් වටිනා වියලි ආහාර ද්‍රව්‍ය බෙදාදීමේ වැඩසටහන යටතේ ගාල්ල දිස්ත්‍රික්කයේ පවුල් 1,916ක් සඳහා ද හම්බන්තොට දිස්ත්‍රික්කයේ පවුල් 825ක් සඳහා ද මේවනවිට ආහාර පාර්සල් ලබා දී ඇති බව සඳහන් වේ. 

Related articles

Recent articles

spot_img