spot_img
spot_imgspot_img

නොමිළයේ ඩේටා දෙන කතාව බොරුවක්. වෛරසයක් ද විය හැකියි

පුවත්

විදෙස්

මේ දිනවල Whatsapp සමූහ තුළ ඉතාමත් වේගයෙන් ප්‍රචාරය වන පණිවිඩයකින් කියැවෙන්නේ එම පණිවිඩය තවත් Whatsapp සමූහ තුනකට යැවූ විට නොමිලයේ ඩේටා ප්‍රමාණයක් ලැබෙන බවයි.

මේ පණිවිඩයේ විශේෂත්වය වන්නේ එය යම් සමූහයකට යොමු කරන විට එම සමූහයේ සමාජිකයයකු වන පිළිගත හැකි පුද්ගලයකුගේ නම ද ව්‍යාජ ලෙස භාවිතා කරමින් කිසියම් කණ්ඩායමක් විසින් මෙය නිර්මාණ්‍ය කර තිබීමයි.

මේ පිළිබඳ දුරකථන සමාගම්වලින් විමසූ විට ඔවුන් පවසන්නේ කිසිදු පණිවිඩයක් යැවූ විට එම යවන පුද්ගලයාට ඩේටා නොමිළයේ ලැබෙන ක්‍රමවේදයක් ශ්‍රී ලංකාවේ නොමැති බවයි. එවැනි ක්‍රමවේදයක් සකස් කිරීමට ද නොහැකිබව විදුලි සංදේශ ක්ෂේත්‍රයේ ඉංජිනේරුවරු කියති.

මේ පණිවිඩය පිළිබඳව ඇතැම් පුද්ගල නාම භාවිතා කිරීම සම්බන්ධයෙනුත් පොලිසියට පැමිණිලි ලැබී ඇති බැවින් ඒවා පිළිබඳ සොයා බැලීමට කටයුතු කරන බව පොලිසිය පවසයි.

පරිගණක ක්ෂේත්‍රයේ විශේෂඥයන් පවසන්නේ ඇතැම් පුද්ගලයන් මෙවැනි පණිවිඩ පුරවැසි මාධ්‍යයන් තුළ තම සමූහයන් සහ පිටු ජනප්‍රිය කර ගැනීම සඳහා ව්‍යාජ ලෙස නිර්මාණය කර අතරම අතැම් විට පරිගණක අපරාධ කරුවන් විසින් මෙවැනි පණිවිඩවලට අමුණා වයිරස ද යොමුකරන බවයි. එබැවින් මෙවැනි පණිවිඩ විවෘත කිරීමෙන් වළකින ලෙස ද ඔවුහු ඉල්ලා සිටිති.

එමෙන් ම මෙවැනි පණිවිඩ තම මිතුරන් අතරට නොයවන ලෙස ද ඉල්ලා සිටිති.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img

Latest articles

error: Content is protected !!