spot_img
spot_imgspot_img

කොරෝනාවලින් බේරෙන්න නම් ව්‍යායාම අත්‍යාවශ්‍යයි

පුවත්

විදෙස්

කොවිඩ් – 19 වැනි භයානක වෛරසයක් ව්‍යාප්ත වන වකවානුවක ප්‍රමාණවත් ලෙස ශාරීරික ක්‍රියාකාරකම් වල යෙදීමේ වැදගත්කම ලෝක සෞඛ්‍ය සංවිධානය අවධාරණය කර තිබේ.

මේ සම්බන්ද මාර්ගෝපදේශ නිකුත් කරමින් ඔවුන් පවසන්නේ සෑම වයස් කාණ්ඩයකම ජනතාව රෝග වළක්වා ගැනීම සඳහා සහ ආයු කාලය වැඩිකර ගැනීම සඳහා ක්‍රියාශීලී ජීවිතයක් ගත කළ යුතු බවයි. 

උදාසීන හැසිරීම් හේතුවෙන් ජීවිතයෙන් හෝ රෝගාබාධ වලට ගොදුරු වීමෙන් වන්දි ගෙවීමට සිදුවනු ඇතැයි ද ඔවුහු වැඩි දුරටත් පවසති.

ලෝක සෞඛ්‍ය සංවිධානයේ ශාරීරික ක්‍රියාකාරකම් ඒකකයේ ප්‍රධානී ෆියෝනා බුල් මහත්මිය පවසන්නේ සෑම දිනකම ක්‍රියාශීලීව සිටීම අපගේ ශරීර වලට පමණක් නොව මානසික සෞඛයයටත් යහපත් බවයි.

උදාසින හැසිරීම් වල අහිතකර බලපෑම් පසුගිය දශකය තුළ වර්ධනය වී ඇති බවද ඇය පෙන්වා දෙයි.

ලෝක සෞඛ්‍ය සංවිධානය පවසන්නේ ලොවපුරා, වැඩිහිටියන් හතර දෙනකුගෙන් එක් අයෙකුට සහ නව යොවුන් දරුවන් පස් දෙනකුගෙන් හතරදෙනකුට ප්‍රමාණවත් ශාරීරික ක්‍රියාකාරකම් නොලැබෙන බවයි.

සියලුම වැඩිහිටියන් සතියකට අවම වශයෙන් මිනිත්තු 150ක් වත් ශාරීරික ක්‍රියාකාරකම් වල යෙදිය යුතු බවත් ළමයින් සහ නව යොවුන් දරුවන් සාමාන්‍යයෙන් දිනකට පැයක ශාරීරික ව්‍යායාම කළ යුතු අතර විද්‍යුත් තිර ඉදිරිපිට ගතකරන කාලය සීමා කළ යුතු බවත් ඔවුහු පවසති.

මෙම නිර්දේශයන්ට ගර්භනී කාන්තාවන් සහ පශ්චාත් ප්‍රසව මව්වරුන්ද ඇතුලත් වෙයි.

“හෘදයාබාධ, දෙවන වර්ගයේ දියවැඩියාව, පිළිකා, මානසික අවපීඩනය, කාංසාව සහ ඇල්සයිමර් වැනි රෝග වලින් වැළකීමට සහ සමහර රෝග කළමනාකරණය කිරීමට ශාරීරික ක්‍රියාකාරකම් ඉවහල් වෙයි,” යනුවෙන් ලෝක සෞඛ්‍ය සංවිධානයේ අධ්‍යක්ෂ රූඩිගර් ක්‍රෙච් මහතා පැවසීය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img

Latest articles

error: Content is protected !!