ගාල්ල නගරයේ පිහිටි පුද්ගලික රෝහලක විශේෂඥ වෛද්‍යවරුන්ගේ සේවය ලබාගැනීමට පැමිණි පුද්ගලයන් එම රෝහල අභ්‍යන්තරෙයේ රැඳී සිටින ආකාරය මෙහි ඡායාරූපවල දැක්වේ.
ජනතාව බහුලව ගැවසෙන් ස්ථානවල විශේෂයෙන් ම රෝහල්වල නිරෝධායන නීති ක්‍රියාත්මක වීම අනිවාර්ය වුව ද මේ රෝහලේ බලධාරීන් නිරෝධායන නීති තුට්ටුවකටවත් මායිම් කරන බවක් පෙනෙන්නට නැත.
නිරෝධායන නීති අනුව මුඛ ආවරණයක් පැළඳීම, අත් සෝදා පිරිසිදු කිරීම හා අවම වශයෙන්ට දෙදෙනකු අතර මීටරයක පරතරය තබා ගෙන සිටීම අනිවාර්ය වේ. නමුත් එකිනෙකා නන්නාදුනන මේ පුද්ගලයන් මීටරයක පරතරයකින් තැබීමට මේ රෝහල කටයුතු නොකිරීම බරපතල කරුණක් බව rata.lk අපි සෞඛ්‍ය බලධාරීන්ට අවධාරණය කරන්නෙමු.
PCR පරීක්ෂණ පැවැත්වීම සඳහා මෙම රෝහලට ද රජයෙන් අවසර ලබා දී ඇති බැවින් මෙම ස්ථානයට කොරෝනා ආසාදිතයැයි යම් සැකයක් පවතින පුද්ගලයන් ද පැමිණෙන බව සිහිපත් කළ යුතුය.