-2 C
New York

ආසාදිතයන් වාර්තා වූ නිවසක සිදුවූ මරණයක් හොරෙන්ම වළ දාලා

Published:

කොළඹ වැල්ලම්පිටියේ පදිංචිකරුවකු මියගොස් නිරෝධායන නීතිවලට පටහැනිව හොර රහසේ ම භූමදාන කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් පරික්ෂණ පවත්වන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ පවසයි.

වැල්ලම්පිටිය කුමාරදාස පෙදෙසේ නිවසක මෙම මරණය සිදුව ඇති අතර සෞඛ්‍ය අංශ පවසන්නේ එම නිවසේ පදිංචි දෙදෙනකු කොරෝනා ආසාදිතයන් බව මින් පෙර හඳුනාගෙන තිබූ බවයි.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක අජිත් රෝහණ සඳහන් කරන්නේ ඊයේ (26) උදෑසන නිරෝධායන නීතිවලට පටහැනිව යමින් මරණ සහතිකයක් ද ඉදිරිපත් කරමින් දේහය භූමදාන කර තිබෙන බවයි. මෙම මරණ සහතිකය ව්‍යාජ මරණ සහතිකයක් ද නැතිනම් මරණ පරීක්ෂකවරයකු විසින් නිකුත් කරන ලද්දක් ද යන්න පිළිබඳව ද පරීක්ෂණ පවත්වන බව නියෝජ්‍ය පොලිස්පතිවරයා කීවේය. ව්‍යාජ ලේඛනයක් සකසා ඇත්නම් කූට ලේඛන සැකසීම සහ නිරෝධායන නීති කඩකිරීම සම්බන්ධයෙනුත් ඔවුන්ට එරෙහිව කටයුතු කරන බව ද පොලිසිය පවසයි.

Related articles

Recent articles

spot_img