මෙරට 35 වැනි පොලිස්පතිවරයා ලෙස සී.ඩී.වික්‍රමරත්න අද (27) සිය රාජකාරී කටයුතු ආරම්භ කරයි.
වසර දෙකකට ආසන්න කාලයක් වැඩබලන පොලිස්පතිවරයා ලෙස කටයුතු කළ ඔහු පොලිස් සේවයට එක්ව ඇත්තේ 1986 වර්ෂයේ දී ය. ඒ ආධුනික සහකාර පොලිස් අධිකාරීවරයකු ලෙසිනි. පාස්කු ප්‍රහාරයෙන් පසු වැඩබලන පොලිස්පතිවරයා ලෙස පත්වූ වික්‍රමරත්න වසර දෙකකට ආසන්න කාලයක් එම ධූරයේ කටයුතු කළේය.
නව පොලිස්පතිවරයා කොළඹ විශ්වවිද්‍යාලයේ සහ කොතලාවල ආරක්ෂක විද්‍යාපීඨයේ උපාධිධාරියෙකි.



