-2 C
New York

සමුද්‍රීය ආරක්ෂණ සහයෝගීතා සංවාදය අද කොළඹ දී

Published:

ශ්‍රී ලංකාව, ඉන්දියාව සහ මාලදිවයින අතර පැවැත්වනෙ ත්‍රෛපාක්ෂික සමුද්‍රීය ආරක්ෂණ සහයෝගීතා සංවාදය අද (27) සහ හෙට (28) කොළඹ දී පැවැත්වෙයි.

මෙම සමුළුව පැවැත්වෙන්නේ වසර 06කට පසුව වීම විශේෂත්වයකි. එවැනි සමුළුවක් අවසන් වරට පැවැතියේ 2014 වර්ෂයේ ඉන්දියාවේ නවදිල්ලියේ දී ය.

මීට අමතරව බංග්ලාදේශය, සිසේල්ෂ් සහ මොරිටියස් යන රටවල නියෝජිතයන් නිරීක්ෂණ මට්ටමින් ඊට සම්බන්ධ වෙයි.

ඉන්දීය සාගරයේ සමුද්‍රීය ආරක්ෂණ සහයෝගීතාව පුළුල් කිරීම ඇතුළු කරුණු කිහිපයක් පිළිබඳව මෙම සමුළුවේ දී අවධානය යොමුකිරීමට නියමිතය.

Related articles

Recent articles

spot_img