-2 C
New York

කොටපොළ ආසදිතයා කඨින පිංකමටත් ගිහින්

Published:

මාතර දිස්ත්‍රික්කයේ කොටපොළ ප්‍රදේශයේ පදිංචිකරුවකු කොරෝනා ආසාදිතයකු බව ඊයේ (27) හඳුනාගෙන ඇතැයි සෞඛ්‍ය අංශ පවසයි.

මෙම පුද්ගලයා පසුගිය දිනක කොරෝනා ආසාදිත බව හඳුනාගත් හික්කඩුවේ පදිංචි හමුදා සාමාජිකයකුගේ සමීපතමයෙකි. එම ආසාදිතයා සමග මෙම තැනැත්තා යතුරුපැදියකින් ගොස් තිබූ බැවින් ඔහු ස්වයං නිරෝධායයට යොමු කිරීමෙන් පසු සිදුකරන ලද පීසීආර් පරීක්ෂණයකින් කොරෝනා ආසාදිතයකු බව තහවුරු වී තිබේ.

සෞඛ්‍ය අංශ පවසන්නේ කොටපොළ ප්‍රදේශයෙන් වාර්තා වූ ආසාදිතයා විහාරස්ථානයක කඨින පිංකමකට ද සහභාගී වී ඇති බවයි. එම පිංකම සඳහා සහභාගී වූ පිරිස් සොයා නිරෝධායනයට යොමුකිරීමට කටයුතු කරන බවත් ආසාදිත තැනැත්තා හම්බන්තොට රෝහලට යැවූ බවත් සෞඛ්‍ය අංශ පැවසීය.

Related articles

Recent articles

spot_img