spot_img
spot_imgspot_img

වින්කමාන්ඩර් මොල්ලිගොඩ හම්බන්තොට ආපදා කළමනාකරණයට

පුවත්

විදෙස්

හම්බන්තොට දිස්ත්‍රික් ආපදා කළමනාකරණ ඒකකයේ නව සහකාර අධ්‍යක්ෂ ලෙස වින්කමාන්ඩර් ප්‍රභාත් ශ්‍රී විජය මොල්ලිගොඩ පසුගිය දා වැඩ භාර ගත්තේය. මාගම් රුහුණුපුර පරිපාලන සංකීර්ණයේ පිහිටි දිස්ත්‍රික් ආපදා කළමනාකරණ ඒකකයේ දී වැඩ භාරගත් ඔහු ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ වසර 21ක පළපුරුදු නිලධාරියෙකි.

ගාල්ල මහින්ද විද්‍යාලයෙන් අධයාපනය ලැබූ ඔහු කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාලයෙන් උපාධිය ලබා ඇත. වින්කමාර්න්ඩර් මොල්ලිගොඩ ශ්‍රී ලංකා ගුවන් හමුදාවට එක්වී උතුරේ යුද මෙහෙයුමේ දී සුවිශේෂී රාජකාරියක් ඉටුකළේය. යුද්ධයෙන් පසු නැගෙනහිර උදානය වැඩසටහන යටතේ මොරවැව ප්‍රදේශයේ නැවත පදිංචි කිරීමේ රාජකාරීවල නිරතවිය. උථුරු වසන්තය යටතේ උතුරේ සංවර්ධන කටයුතු සඳහා කළුගල් සැපයීමේ ව්‍යාපෘතිය ගුවන් හමුදාවවෙත භාරදුන් අතර මාමඩුව ප්‍රදේශයේ පිහිටි එම ව්‍යාපෘතියට අණ දෙනු ලැබුවේ ද මොල්ලිගොඩ විසිනි.

කළුතර කටුකුරුන්ද ගුවන් හමුදා කඳවුරේ අණදෙන නිලධාරී (ආරක්ෂක) ලෙස කටයුතු කළ කාලයේ දී ආපදා කළමනාකරණය පිළිබඳ සක්‍රීය සේවාවක් ඉටුකර තිබේ.

2010 වසරේ ගුවන් හමුදාපති සම්මානයෙන් ද උතුරේ යුද්ධය සඳහා සක්‍රීය සේවය සඳහා දායකවීම වෙනුවෙන් රණශූර පදක්කම ද ලබා ඇති වින්කමාන්ඩර් මොල්ලිගොඩ කොළඹ විශ්වවිද්‍යාලයෙන් මානව සම්පත් කළමනාකරණය පිළිබඳ පශ්චාත් උපාධියක් ලබා ඇත.

හිටපු ගුවන් හමුදාපති එයාර්චීෆ් මාර්ෂල් සුමංගල ඩයස් මහතාගේ කාර්ය මණ්ඩලයේ සේවය කළ ඔහු සුමංගල ඩයස් මහතා විශ්‍රාම යාමෙන් පසු ආපදා කළමනාකරණ ඒකකයේ නව සහකාර අධ්‍යක්ෂ ලෙස පත්වීම් ලැබීය

(දිස්ත්‍රික් මාධ්‍ය ඒකකය හම්බන්තොට – එච්.බී.ජනක ප්‍රසාද්)

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img

Latest articles

error: Content is protected !!