spot_img
spot_imgspot_img

දැවැන්ත කිඹුලෙක් ගොදුරු කරගත් පිඹුරා

පුවත්

විදෙස්

පිඹුරකු විසින් දැවැන්ත කිඹුලකු ගිල දමන දර්ශන පෙළක් ඡායාරූපයට නැගීමට ඔ්ස්ට්‍රේලියාවේ ඡායාරූප ශිල්පියකු සමත්ව සිටියි.

මෙම පිඹුරන් ඔලිව් පිඹුරන් ලෙස හඳුන්වන අතර සත්ත්ව විද්‍යාත්මකව Liasis olivaceus ලෙස නම්කර ඇත. ඔලිව් පිඹුරන් ඔ්ස්ට්‍රේලියාවේ හමුවන විශාලතම සත්ත්ව විශේෂ වලින් එකකි. සාමාන්‍ය ප්‍රමාණය අඩි 08ක් පමණ වන මොවුන් අඩි 13ක් දක්වා දිගින් යුතු වන බව ද පැවැසේ. වනජීවී නිලධාරීන් පවසන්නේ ගැහැනු සතුන් පිරිමි සතුන්ට වඩා මදක් දිගින් වැඩි බවයි.

එවැනි පිඹුරකු විසින් ගිල දමා ඇත්තේ අඩි 10ක් පමණ දිගින් යුතු ජොන්ස්ටන් කිඹුලන් යනුවෙන් හඳුන්වන සත්ත්ව විශේෂයකි.

වනජීවීන් ගලවා ගැනීමේ සංවිධානයක් විසින් ක්වීන්ස්ලන්තයේ ඊසාහි වගුරුබිම් අවට කරන ලද පුහුණු සැසියක් අතරතුර මාකර් මුලර් විසින් මේ ඡායාරූප පෙළ ග්‍රහණය කරගෙන තිබේ. ඉතාමත් බිහිසුණු ස්ථානයක් වන මේ ස්ථානයේ පැය ගණනක් රැඳී සිටිමින් ඔහු ඉතා නිර්භීත අයුරින් සම්පූර්ණ සිදුවීම ග්‍රහණය කරගෙන ඇතැයි එම සංවිධානය පවසයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img

Latest articles

error: Content is protected !!