වනජීවී රාජ්‍ය අමාත්‍ය විමලවීර දිසානායක සහ වනජීවී නිලධාරීන් පිරිසක් අතර අද (26) ගැටුම්කාරී තත්ත්වයක් ඇති වී තිබේ.
මෙය සිදුව ඇත්තේ පොළොන්නරුව ජල ගැළුම් නිම්න ජාතික වනෝදානයේ සංවේදී කලාපයක වගා කටයුතු කිරීමට හා කිරි ගවයන්ට ආහාර සපයා ගැනීම සඳහා ඉඩ ලබාදෙන ලෙස ගැමියන් විසින් කර ඇති ඉල්ලීමක් සළකා බැලීම සඳහා වනජීවී නිලධාරීන් ද සමඟ අමාත්‍යවරයා එහි ගිය අවස්ථාවක දී ය.
මේ සිද්ධිය සම්බන්ධයෙන් යම් නඩු තීන්දුවක් ගැන ද උසාවියේ දී තමන් වගාකළ බවට කරුණු ඉදිරිපත් නොකළේ කවර හේතුවක් නිසා ද යනුවෙන් අමාත්‍යවරයා ගැමියන්ගෙන් ප්‍රශ්න කරයි.
අමාත්‍යවරයා එහි දී වනජීවී නිලධාරීන්ට උපදෙස් දෙන්නේ ගවයන් ඇතිකරන පුද්ගලයන් හඳුනාගෙන ඔවුන්ට වනයට ඇතුළුවීමට ඉඩ දෙන ලෙසයි. නමුත් නිලධාරියකු එය ජාතික අපරාධයක් බව පවසමින් ඊට එරෙහිවත්ම තමන් ද නීතිය දන්නා බව කියමින් ඇමතිවරයා ඔහුට දොස් නගයි. පෙරකී නිලධාරියා සමග තවත් නිලධාරීන් කිහිප දෙනකු එක්වී ඇමතිවරයාගේ මතයට විරෝධය පළ කරමින් එම ස්ථානයෙන් ඉවත්ව යාමට කටයුතු කරන අයුරු වීඩියෝවේ දැක්වේ.
අමාත්‍යවරයා ද ඔවුන්ට දොස් කියමින්, ජනතාවගේ පැත්තෙන් ප්‍රශ්නය දිහා බැලිය යුතු බවත් තමන් වනජීවී අමාත්‍යවරයා බවත් පවසමින් නිලධාරීන් පසු පස ගමන්කරයි.
මෙම ඉල්ලීම කර තිබුණේ තඹාල හා වෙහෙරගොඩයාය ප්‍රදේශවල ගම්වැසියන් පිරිසක් විසිනි.
(දෙරණ නාලිකාවේ විකාශය වූ මේ වීඩියෝ පහතින් දක්වා ඇත.)