දීඝවාපී දාගැබේ දකුණු වාහල්කඩ කැණීමේ දී හමුවූ ශෛලමය මංජුසාව ඇතුළත තිබූ කරඬු කණිට්ඨතිස්ස නමින් රජවූ මළිතිස කුමරුගේ රන් කරඬුව යැයි පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ පර්යේෂකයෝ කියති.
එම එක් කරඬුවක තිබී බ්‍රාහ්මීය අක්ෂර සහිත රන් සන්නසක් හමුවූ අතර එම සන්නස කියවූ පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ අභිලේඛන හා නානක විද්‍යා අංශයේ අධ්‍යක්ෂ නාමල් කොඩිතුවක්කු පවසන්නේ “සිධ මහනකරජහ පුත මළිතිස රජහ සොවණ තුබේ” යනුවෙන් එහි සඳහන්ව ඇති බවයි.
එය වත්මන් සිංහල භාෂාවට නැගූ විට මෙසේ දැක්වේ. “යහපතක් වේවා! මහානාග (මහල්ලක නාග) රජුගේ පුත් මළිතිස (කණිට්ඨතිස්ස) රජුගේ රන් කරඬුව”
දීඝවාපී දාගැබේ බටහිර වාහල්කඩින් සොයාගත් මංජුසාවක ද මෙවැනිම සන්නසක් 1987 ජනවාරි 23 වැනි දින හමුවී තිබෙන බව ද පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.
මෙම සන්සට අනුව හල්ලකනාග මහ රජු නාමයෙන් හැඳින්වෙන්නේ ප්‍රදානයට අදාල රජුගේ පියාය. ඔහු ක්‍රිස්තු වර්ෂ 134 සිට 140 දක්වා මෙරට පාලනය කළ බවත් මේ ප්‍රදානය සිදුකළ මළිතිස කුමරු පසුව කණිට්ඨතිස්ස නමින් රජ වූ බවත් ඉතිහාසඥයන්ගේ අදහසයි. ඔහු ක්‍රිස්තු වර්ෂ 164-192 කාලයේ රජකළ බව මහාවංශයේ දැක්වේ.
කොඩිතුවක්කු පවසන්නේ මෙම සාධක අනුව කරඬුව මේ ස්ථානයේ තැන්පත් කර ඇත්තේ අදින් වසර 1800කටත් පෙර කාලයේ දී බවයි. එමෙන් ම රන්කරඬුවේ ඇති සංකේත අතර නෙළුම් මලක් සිරිපා සළකුණක් ඇති බැවින් මෙහි තැන්පත් කර තිබූ ධාතූන් වහන්සේලා සර්වඥධාතූන් විය හැකි යැයි ද පුරාවිද්‍යාඥයන්ගේ අදහස වී ඇත.