-2.1 C
New York

කොරෝනා මරණ ගණන 96ක් දක්වා ඉහළට

Published:

කොරෝනා හේතුවෙන් සිදුවූ මරණ දෙකක් පිළබඳ තොරතුරු අද (24) රජයේ ප්‍රවෘත්ති අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් නිකුත් කර තිබේ. අද (24) පැය 23.30 වේලාව සටහන් කරමින් නිකුත් කළ එම නිවේදනයේ දැක්වෙන්නේ කොළඹ 12 පදිංචි 45 හැවිරිදි කාන්තාවක කොළඹ ජාතික රෝහලේ දී 23 වැනි දා මියගිය බවයි. ඇයගේ මරණයට හේතුව කොරෝනා ආසාදනය වීම සමඟ ඇති වූ අධික රුධිර පීඩනය බව දක්වා තිබේ.

පන්නිපිටිය ප්‍රදේශයේ පදිංචි 80 හැවිරිදි පිපරිමි පුද්ගලයකු ජයවර්ධනපුර රෝහලේ දී කොරෝනා ආසාදිතයකු ලෙස හඳුනාගැනීමෙන් පසු පිඹුර රෝහලට ඇතුළත් කර සිටිය දී අද (25) මියගොස් ඇති බවයි. මෙම මරණයට හේතුව ලෙස සඳහන් කර ඇත්තේ කොරෝනා ආසාදනය සමඟ ඇති වූ අක්මා රෝගී තත්ත්වයකි.

මෙම මරණ දෙකත් සමගින් මෙරට සිදුව ඇති මරණ සංඛ්‍යාව 96ක් දක්වා ඉහළ ගොස් තිබේ.

Related articles

Recent articles

spot_img