-2.1 C
New York

සීනිගම පාසලක ගුරුවරු තිදෙනෙක් හා ළමුන් 09ක් නිරෝධායනයට

Published:

හික්කඩුව සීනිගම ශ්‍රී විමලබුද්ධි මහා විද්‍යාලයේ ගුරුවරියකගේ සමීපතම ඥාතීන්ට කොරෝනා ආසාදනය වී ඇති බැවින් එම ගුරුවරියගේ ආශ්‍රිතයන් වන ගුරුවරියන් තිදෙනකු හා ළමුන් 09 දෙනකු ස්වයං නිරෝධායනයට යොමු කළ බ සෞඛ්‍ය අංශ පවසයි.

කොරෝනා ආසාදනය වී ඇත්තේ ගුරුවරියගේ මාමණ්ඩියට සහ නැන්දණියට බව ද ඔවුන් අම්බලන්ගොඩ පදිංචිකරුවන් බව ද සෞඛ්‍ය අංශ පවසයි.

හික්කඩුව මහජන සෞඛ්‍ය පරීක්ෂකවරු එම විදුහල විෂබීජහරය කිරීමට කටයුතු කළ අතර අද (25) දිනයේ පාසලට පැමිණ සිටියේ සිසුන් 07 දෙනකු පමණි. දෙමාපියන් පැමිණ ඔවුන් දයළි නිවෙස් වෙත රැගෙන යාමට කටයුත ුකර තිබිණි.

හෙට (26) සාමාන්‍ය පරිදි සීනිගම ශ්‍රී විමලබුද්ධි මහා විද්‍යාලයේ අධ්‍යාපන කටයුතු පවත්වාගෙන යන බව විදුහල්පතිවරයා පවසයි.

Related articles

Recent articles

spot_img