දීඝවාපී දාගැබේ දකුණු වාහල්කඩ කැනීමේ දී හමුවූ ශෛලමය මංජුසාවේ තිබී රන් කරඬු හතරක් සහ පළිඟු කරඬුවක් හමුවූ බව පුරාවිදයා දෙපාර්තමේන්තුව පවසයි.
එම රන් කරඬු හතර ඇතුළත රන් පත් ඉරුවලින් ලසකස ලද කුඩා මංජුසා 06ක් තිබූ බවත් ඒවායේ ධාතූන්වහන්සේලා තැන්පත් කර තිබූ බවත් පුරාවිද්‍යා පර්යේෂණ නිලධාරීහු කියති.
පුරාවිද්‍යා අධ්‍යක්ෂක ජනරාල් ආචාර්ය සෙනරත් දිසානායක මහතා පවසන්නේ මෙවැනි ශෛලමය මංජුසාවක රත්රන් කරඬු 4ක් තිබී හමුව ප්‍රථම අවස්ථාව මෙය බවයි.
රත්රන් කරඬු තුළ අලංකාර ආභරණ කොටස් බවට සැක කළ හැකි පළිඟු දෙකක්ද විය. වෙනත් කිසිදු කරඬුවක මෙපරිදි පළිඟු දක්නට නොලැබුණු බව පුරාවිද්‍යා නිලධාරීහු පැවසූහ.
පස්වැනි සියවසට අයත් දීඝවාපි දාගැබේ දකුණු වාහල්කඩ මත ඉකුත් 18 වැනි දින කැණීම් සිදුකරමින් සිටියදී, නිධන් හොරුන් විසින් විනාශ කරනු ලැබු ස්ථානයක් හඳුනා ගත් කැණීම් බාර නිලධාරි සේනක චන්ද්‍ර කුමාර මහතා ප්‍රමුඛ කණ්ඩායම එම ස්ථානය පරීක්ෂා කළහ. එහිදි කළුගලින් සකස් කරන ලද ආවරණයක් තිබී ඇති බව දැකගැනීමට හැකිවිය. දීඝවාපි රජමහ විහාරස්ථානායේ විහාරාධිපති මහඔය සෝභිත ස්වාමින් වහන්සේගේ සහ අම්පාර දිසාපති ඩී.එල්.එම්.බණ්ඩාරනායකගේ පරීක්ෂාව යටතේ එම ස්ථානයේ තවදුරටත් කැණීම් සිදු කරන ලදී. එහිදි අගල් 18ක් උසින් යුත් ශෛලමය මංජුසාවක් සොයා ගැනීමට ඔවුන්ට හැකිවිය.
පුරාවිද්‍යා අධ්‍යක්ෂක ජනරාල් සෙනරත් දිසානායක මහතා පවසා සිටියේ, දාගැබේ ප්‍රතිසංස්කරණ කටයුතු වෙනුවෙන් වසර තුනක පමණ කාලයක් ගත වන බවත්, ඒ කාලය තුළ මෙම මංජුසාව සුරක්ෂිත කිරීමටත් එහි පුරාවිද්‍යාත්මක වටිනාකම සොයාබැලීම සඳහා මංජුසාව පුරාවිද්‍යා නිලධාරින් විසින් අම්පාර දිසා ලේකම් කර්යාලය වෙත ගෙන යන බවත්ය.
පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ රසායනාගාර සංරක්ෂණ අධ්‍යක්ෂක ගීතානී කුරුප්පු ආරච්චි, පුරා විද්‍යා පර්යේෂන නිලධාරි ජනනී සේනවිරත්න, දීඝවාපි කැණීම් බාර නිලධාරි සේනක චන්ද්‍රකුමාර, කැණීම් භාර නිලධාරිනි අනුරාධා ප්‍රියදර්ශනී යන පුරා විද්‍යා නිලධාරින් සහ නිලධාරිනියන් විසින් අම්පාර දිසා ලේකම් කාර්ලයේ දී ඊයේ (23) මෙය පරීක්ෂා කරන ලදී.
කරඬු තුළ තිබී හමුවූ ධාතුන් වහන්සේලා මහජන ප්‍රදර්ශනය සදහා දීඝවාපි රජමහා විහාරස්ථානයේ පහසුකම් සපයන බවත් ඒ සදහා දැනට පවතින කොරොනා තත්ත්වය මත තීරණ ගැනීමට සිදුවන බවත් දිසාපතිවරයා පැවසීය. එතෙක් අම්පාර දිසා ලේකම් කාර්යාලයේ විශේෂ කුටියක මෙම ධාතුන් තැන්පත් කර තැබීමට කටයුතු යොදා තිබේ.