-2.1 C
New York

අම්බලන්ගොඩ පී. ද එස්. කුලරත්න විදුහල දින දෙකක් වසා දමයි

Published:

නිවසේ ස්වයං නිරෝධායනයේ යෙදී සිටි ආරක්ෂක අංශ නිලධාරියකු හා බිරිඳ කොරෝනා ආසාදිතයන් ලෙස හඳුනාගැනීමට පෙර ඔවුන්ගේ දරුවකු පාසලට පැමිණ තිබීම හේතුවෙන් අම්බලන්ගොඩ පී. ද එස්.කුලරත්න විද්‍යාලය හෙට (26) සහ (27) දෙදින වසා දැමීමට තීරණය කළ බව විදුහල්පතිවරයා පවසයි.

මෙම පවුලේ දරුවන් දෙදෙනා පසුගිය 23 වැනි දා එම විද්‍යාලයට හා ධර්මාශෝක විද්‍යාලයට පැමිණ තිබේ. ඉන් පසු මවත් පියාත් කොරෝනා ආසාදිත බව තහවුරු වී ඇත. විදුහල්පති ජී.ඩබ්ලිව්. ජගත් සේනාරත්න පවසන්නේ නම වැනි ශ්‍රේණියේ ඉගෙනුම ලබන මෙම දරුවා පාසලට පැමිණීම හේතුවෙන් පාසලේ ගොඩනැගිලි සහ භූමිය විෂබීජහරණය කරන බැවින් දින දෙකෙහි වසා තබන බවයි. පාසලේ ගුරු මණ්ඩලය මෙම දින දෙකෙහි කාණ්ඩ වශයෙන් පාසලට කැඳවීමට තීරණය කර තිබේ.

පාසල යළි 30 වැනි දා ආරම්භ කිරීමට නියමිතය.

Related articles

Recent articles

spot_img