spot_img
spot_imgspot_img

ICC දශකයේ සම්මානවලට ශ්‍රී ලංකාවෙන් 04 ක් නිර්දේශ වෙයි

පුවත්

විදෙස්

පසුගිය දශකයේ දැක්වූ දක්ෂතා සැලකිල්ලට ගනිමින් ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය ( අයි.සී.සී ) විසින් ඛාණ්ඩ 10ක් ඔස්සේ ක්‍රීඩක ක්‍රීඩිකාවන්ගේ නිර්දේශිත නාමයන් ප්‍රකාශයට පත්කර ඇත.

ඒ් අතරට ශ්‍රී ලංකාව වෙනුවෙන් කුමාර් සංගක්කාර, මහේල ජයවර්ධන, රංගන හේරත් සහ ලසිත් මාලිංග යන ක්‍රීඩකයන්ගේ නාමයන්  ඇතුළත්ව තිබේ.

දශකයේ ක්‍රීඩකයාට හිමි සම්මානය වෙනුවෙන් සහ දශකයේ එක්දින ක්‍රීඩකයාට හිමි සම්මාන ද්විත්වය වෙනුවෙන් ශ්‍රී ලංකාවේ කුමාර් සංගාක්කාරගේ නාමය නිර්දේශිත වී තිබීම විශේෂත්වයකි. එසේම එක්දින ක්‍රීඩකයාට හිමි සම්මානය වෙනුවෙන් සහ දශකයේ  විස්සයි 20 ක්‍රීඩකයාට හිමි සම්මාන ද්විත්වය වෙනුවෙන් ලසිත් මාලිංගගේ නම නිර්දේශ වී තිබේ. තවද,  දශකයේ ටෙස්ට් ක්‍රීඩකයා වෙනුවෙන් පිරි නමන සම්මානය වෙනුවෙන් රංගන හේරත්ගේ නාමය නිර්දේශ වෙද්දී, ශ්‍රී ලංකාව වෙනුවෙන් බිහිවූ විශිෂ්ටතම නායකයෙකු මෙන්ම පිතිකරුවෙකු වන මහේල ජයවර්ධනගේ නාමය දශකයේ ජීවගුණයෙන් හෙබී ක්‍රීඩක/ ක්‍රීඩිකාව  වෙනුවෙන් පිරිනමන සම්මානය වෙනුවෙන් නිර්දේශිත වි තිබීම ද විශේෂත්වයකි.

ඉන්දීය ක්‍රිකට් කණ්ඩායමේ නායක විරාට් කෝලි දශකයේ ක්‍රීඩකයා, දශකයේ එක්දින ක්‍රීඩකයා , දශකයේ විස්සයි 20 ක්‍රීඩකයා, දශකයේ ටෙස්ට් ක්‍රීඩකයා සහ දශකයේ මහත්මා ගුණය වෙනුවෙන් පිරි නමන ප්‍රධාන සම්මාන 5 වෙනුවෙන්ම නිර්දේශ වී තිබීම තවත් විශේෂත්වයකි.

දශකයේ ICC ක්‍රීඩකයා වෙනුවෙන් නිර්දේශිත නාමයන්

කුමාර් සංගක්කාර (ශ්‍රී ලංකාව ) විරාට් කෝලි (ඉන්දියාව), ජෝ රූට් ( එංගලන්තය), කේන් විලියම්සන් (නවසීලන්තය), ඒබී ඩිවිලියස්  (දකුණු අප්‍රිකාව), ස්ටීව් ස්මිත් (ඕස්ට්‍රේලියාව), රවිචන්ද්‍රන් අශ්වින් (ඉන්දියාව)

දශකයේ ICC ක්‍රීඩිකාව වෙනුවෙන් නිර්දේශිත නාමයන්

එලිස් පෙරී (ඕස්ට්‍රේලියාව) , මෙග් ලැනින් (ඕස්ට්‍රේලියාව) , සුසී බේට්ස් (නවසීලන්තය) , ස්ටැෆනි ටේලර් (බටහිර ඉන්දීය කොදෙව්), මිතාලි රාජ් (ඉන්දියාව), සාරා ටේලර් (එංගලන්තය)

දශකයේ ICC ටෙස්ට් ක්‍රීඩකයා වෙනුවෙන් නිර්දේශිත නාමයන්

රංගන හේරත් (ශ්‍රී ලංකාව), විරාට් කෝලි (ඉන්දියාව), ජෝ රූට් (එංගලන්තය), ස්ටීව් ස්මිත් (ඕස්ට්‍රේලියාව), ජේම්ස් ඇන්ඩර්සන් (එංගලන්තය), කේන් විලියම්සන් (නවසීලන්තය), යසීර් ෂා (පකිස්ථානය)

දශකයේ ICC එක්දින ක්‍රීඩකයා වෙනුවෙන් නිර්දේශිත නාමයන්

කුමාර් සංගක්කාර (ශ්‍රී ලංකාව)ලසිත් මාලිංග (ශ්‍රී ලංකාව), විරාට් කෝලි (ඉන්දියාව), මිචෙල් ස්ටාර්ක් (ඕස්ට්‍රේලියාව), ඒබී ඩිවිලියර්ස් (දකුණු අප්‍රිකාව), රෝහිත් ෂර්මා (ඉන්දියාව), මහේන්ද්‍ර සිං දෝනි (ඉන්දියාව)

ශකයේ ICC විස්සයි විස්ස ක්‍රීඩකයා වෙනුවෙන් නිර්දේශිත නාමයන්

ලසිත් මාලිංග (ශ්‍රී ලංකාව), රෂීඩ් ඛාන් (ඇෆ්ගනිස්ථානය), විරාට් කෝලි (ඉන්දියාව), රෝහිත් ෂර්මා (ඉන්දියාව), ඉම්රාන් තාහීර් (දකුණු අප්‍රිකාව), ආරොන් ෆින්ච් (ඕස්ට්‍රේලියාව), ක්‍රිස් ගේල් (බටහිර ඉන්දීය කොදෙව්)

දශකයේ ICC එක්දින ක්‍රීඩිකාව වෙනුවෙන් නිර්දේශිත නාමයන්

මෙග් ලැනින් (ඕස්ට්‍රේලියාව), එලිස් පෙරී (ඕස්ට්‍රේලියාව), සුසී බේට්ස් (නවසීලන්තය), ස්ටැෆනි ටේලර් (බටහිර ඉන්දීය කොදෙව්), මිතාලි රාජ් (ඉන්දියාව), ජූලන් ගෝස්වාමි (ඉන්දියාව)

දශකයේ ICC විස්සයි විස්ස ක්‍රීඩිකාව වෙනුවෙන් නිර්දේශිත නාමයන්

මෙග් ලැනින් (ඕස්ට්‍රේලියාව), සොෆී ඩෙවින් (නවසීලන්තය), එලිස් පෙරී (ඕස්ට්‍රේලියාව), ඩියැන්ඩ්‍රා ඩොටින් (බටහිර ඉන්දීය කොදෙව්), ඇලිස්සා හේලි (ඕස්ට්‍රේලියාව), ආන්යා ෂෘබ්සෝල් (එංගලන්තය)

පූර්ණ සාමාජිකයන් නොවන රටවල් අතරින් දශකයේ ICC ක්‍රීඩකයාට නිර්දේශිත නාමයන්

කයිල් කෝට්සර් (ස්කොට්ලන්තය), කැලම් මැක්ලියෝඩ් (ස්කොට්ලන්තය), පරාස් කඩ්කා (නේපාලය), රිචී බෙරින්ග්ටන් (ස්කොට්ලන්තය), අසාද් වලා (පැපුවා නිව්ගිනියාව), පීටර් බෝරන් (නෙදර්ලන්තය)

පූර්ණ සාමාජිකයන් නොවන රටවල් අතරින් දශකයේ ICC ක්‍රීඩිකාවට නිර්දේශිත නාමයන්

නට්ටකන් චැන්ටම් (තායිලන්තය), සෝර්නොරින් ටිපොච් (තායිලන්තය), චැනීඩා සුතිරුඅන්ග් (තායිලන්තය), කැත්‍රින් බෲස් (ස්කොට්ලන්තය), සාරා බ්‍රයිස් (ස්කොට්ලන්තය), ස්ටෙරී කාලිස් (නෙදර්ලන්තය)

ජීවගුණයෙන් හෙබි දශකයේ ICC ක්‍රීඩකයා/ ක්‍රීඩිකාව වෙනුවෙන් නිර්දේශිත නාමයන්

මහේල ජයවර්ධන (ශ්‍රී ලංකාව), විරාට් කෝලි (ඉන්දියාව), කේන් විලියම්සන් (නවසීලන්තය), ආන්යා ෂ්රුබ්සෝල් (එංගලන්තය), මිස්බා උල් හක් (පකිස්ථානය), බ්‍රෙන්ඩන් මැකලම් (නවසීලන්තය), කැතරින් බෲන්ට් (එංගලන්තය), ඩැනියෙල් වෙටෝරි (නවසීලන්තය), මහේන්ද්‍ර සිං දෝනි (ඉන්දියාව

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img

Latest articles

error: Content is protected !!