බී. ඒ. රත්නපාල වෛද්‍යාචාර්යතුමා. වෛද්‍ය විද්‍යාවට කරන අභියෝගයට මම නම් හරි කැමතියි. දේශීය හෝ පාරම්පරික වෛද්‍ය ක්‍රමයන් වල විරුද්ධ අර්ථය දෙන පදය “බටහිර” වෛද්‍ය විද්‍යාවනම් නොවේ.
වෛද්‍ය විද්‍යාවට උතුරු, නැඟෙනහිර හෝ බටහිර අදාල යක් නැත එය “විද්‍යාවයි” එහි පදනම “විද්‍යාත්මක ක්‍රමවේදයයි” නූතන වෛද්‍ය විද්‍යාවේ බොහෝ ප්‍රතිකාර සඳහා අවශ්‍ය රසායනික සංයෝග බොහෝමයක් ස්වභාව ධර්මයෙයෙන්ම හදුනාගත් වැඩිදියුණු කරන ලද දේවල්ය.
පස්සේ මෙවැනි දේ රසායනිකව හෝ ජාන ඉංජිනේරු විද්‍යාව හරහා ව්‍යාපාරික ලෙස නිෂ්පාදනය කරයි.රත්නපාල මහතා ලිම්පොසයිට් (lymphocytes) ඇති බව දැනගෙන තියෙන්නේද වෛද්‍ය විද්‍යාවේ පිහිටෙන්ම බව කිව යුතුය.
මාගේ තර්කයේ හැටියටයට නම් ලෝකයේ පවතින විශ්මිත දෙය ජීවයයි (Biology) එයිනුත් විශ්මිතම පද්ධතිය ප්‍රතිශක්තිකරණ පද්ධතියයි (Immune system). ඒය රත්නපාල මහතාගේ නිකම්ම නිකම් ලිම්පොසයිට් තර්කයට වඩා ගව් ගණනක් ඉදිරියෙන් තිබෙන ශාස්ත්‍රයකි. එය දැනට අවුරුදු දහයක පශ්චාත් උපාධි අධ්‍යයනයකින් පසුව වූවත් නොදන්නා දේ බොහෝ ඇති පද්ධතියකි.
නමුත් විද්‍යාව විසින් සැලකිය යුතු ප්‍රගතීයක් ලබාගෙන මහජනතාවට එයින් විශාල ලෙස ප්‍රතිලාභ ලබා දී ඇත (උ.දා. රුධිරය, රුධිර සංඝටක පාරවිලනය හා පටක හා අවයවබද්ධ කිරීම වැනි, එන්නත් නිෂ්පාදනය ආදී).
එම නිසා ලිම්පොසයිට් පිළිබඳ 10 වසරේ තර්කය අවුලක් නැත. නමුත් මහජනතාව හූක්ති විඳිමින් සිටින වෛද්‍ය විද්‍යාව එවැනි තර්කයන්ට වඩා ගව් ගණනක් ඉදිරියෙන් තිබෙන විශ්ලේෂණයකි. මෙවැනි පුද්ගලයන් සමග සිදුවන සාකච්ඡාවලදී අතුරු ඵල ලෙස ඇතිවන වෛද්‍ය ප්‍රතිකාර භීතිකාව උ.දා. ඉන්සියුලින්, metformin හෝ Atovastetin හෝ Statin වැනි ඖෂධ පිළිබඳ භීතිකාවන් හා රත්නපාල වැන්නන්ගේ රහස් වට්ටෝරු පිළිබඳ මාකටින් කිරීම මගින් සමාජ සුබසෙතකට වඩා සිදුවන්නේ හානියකි.
ඔහු කතා කරන විද්‍යාවට අපි කියන්නේ සියුඩො සයන්ස් (Pseudoscience, ව්‍යාජ විද්‍යාව කියල). මේකෙ දරුණු ම අනුවාදය (version) තමයි. වෛද්‍යවරුන් තුළින්ම ව්‍යාජ විද්‍යා කාරයින් බිහිවීම.
(විශේෂඥ වෛද්‍ය අජිත් කරවිට විසින් ඔහුගේ FB ගිනුමේ තැබූ සටහනකි)