spot_img
spot_imgspot_img

ශ්‍රී ලංකාවේ මරණ 94 දක්වා ඉහළට

පුවත්

විදෙස්

 කොරෝනා වැළඳීමෙන් මියගිය පුද්ගලයන් 04 දෙනකු පිළීබඳ විස්තර අද (24) රජයේ ප්‍රවෘත්ති අධයක්ෂ ජනරාල්වරයා විසින් නිකුත් කර තිබේ.

එහි දැක්වෙන්නේ ගිනිගත්හේන පදිංචි 74 හැවිරිදි පිරිමි පුද්ගලයකු බන්ධනාගාර රෝහලේ සිට රාගම ශික්ෂණ රෝහලේ දැඩි සත්කාර ඒකකය වෙත මාරු කර යවා ඇති අතර එම රෝහලේ දී නොවැම්බර් 22 වැනි දින මියගොස් ඇති බවයි. කොරෝනා සමග පාචන රෝගී තත්ත්වයක් හේතුවෙන් ඇති වූ අසාදනයෙන් බහු අවයව අක්‍රියවීමෙන් ඔහු මියගොස් ඇති බව වාර්තා වෙයි.

සියඹලාපේ දකුණ පදිංචි 54 හැවිරිදි පිපරිමි පුද්ගලයකු කොළඹ ජාතික රෝහලේ දී නොවැම්බර් 22 මියගොන් ඇත. මරණයට හේතුව නිදන්ගත වකුගඩු රෝගය සමග කොරෝනා තත්ත්වය උත්සන්න වීමයි.

කොළඹ 15 පදිංචි 73 හැවිරිදි කාන්තාවක් කොරෝනා ආසාදිත බව හඳුනාගෙන ජාතික රෝහලෙන් හෝමාගම මූලික රෝහලට මාරු කර යවා තිබිය දී එම රෝහලේ දී අද (24) මියගොස් ඇත. මරණයට හේතුව ලෙස සඳහන් කර ඇත්තේ කොරෝනා නිව්මෝනියා තත්ත්වයයි.

බණ්ඩාරගම අටලුගම පදිංචි 42 හැවිරිදි පිරිමි පුද්ගලයකු පානදුර රෝහලේ සිට කොළඹ අයිඩීඑච් රෝහලට මාරුකර යවා සිටිය දී අද (24) මියගොස් තිබේ. කොරෝනා සමග නිදන්ගත අක්මා රෝගයක් උත්සන්න වීම හා මොළය ඉදිමීමේ රෝගය මරණයට හේතුව ලෙස දක්වා ඇත.

මෙම මරණ හතරත් සමඟ ශ්‍රී ලංකාවෙන් මෙතෙක් වාර්තා වූ කොරෝනා ආසාදිත මරණ සංඛ්‍යාව 94 දක්වා ඉහළ ගොස් තිබේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img

Latest articles

error: Content is protected !!