-2.1 C
New York

දකුණු ආසියාවේ කොරෝනා තත්ත්වය

Published:

දකුණු ආසියාවේ රටවල කොරෝනා ආසාදිතයන් 10,395,100ක් අද (24) වනවිට වාර්තාවන අතර සිදුව ඇති මරණ සංඛ්‍යාව 153,434කි.

මේ අතරින් වැඩිම රෝගීන් සංඛ්‍යාවක් සහ වැඩිම මරණ සංඛ්‍යාවක් වාර්තා වන්නේ ඉන්දියාවේය. ඉන්දියාවේ කොරෝනා ආසාදිතයන් 9,179,425ක් වාර්තාවන අතර සිදුව ඇති මරණ සංඛ්‍යාව 134,273කි. ඉන්දියාව ලෝකයෙන් ම දෙවැනි වන්නේ ඇමෙරිකා එක්සත් ජනපදයෙන් වාර්තාවන රෝගීන් ප්‍රමාණයට හා මරණ සංඛ්‍යාවට පමණි.

ඉන්දියාව හැරුණු විට වැඩිම රෝගීන් සංඛ්‍යාවක් හා වැඩිම මරණ සංඛ්‍යාවක් වාර්තා වී ඇත්තේ බංග්ලාදේශයෙනි. එම ප්‍රමාණය 451,990කි. ඉන්දියාවට පසු වැඩිම මරණ සංඛ්‍යාවක් වාර්තා වී ඇත්තේ පකිස්තානයෙනි. එම ප්‍රමාණය 7,744කි. පකිස්තානය රෝගීන් සංඛ්‍යාවෙන් දකුණු ආසියාවේ තුන්වැනි තැනට පත්ව ඇත්තේ රෝගීන් 379,883ක් වාර්තාවීමෙනි. බංග්ලාදේශයෙන් වාර්තාවන මරණ සංඛ්‍යාව 6,448ක් වන අතර මරණ සංඛ්‍යාව අනුව දකුණු ආසියාවේ තෙවැනි තැන බංග්ලාදේශයට හිමිව තිබේ.

නේපාලයෙන් වාර්තාවන ආසාදිතයන් සංඛ්‍යාව 224,078ක් වන අතර සිදුව ඇති මරණ සංඛ්‍යාව 1,361කි. මියන්මාරයෙන් ආසාදිතයන් සංඛ්‍යාව 80,505ක් වන අතර මරණ 1,765ක් සිදුව ඇත. ඇෆ්ගනිස්තානයේ ආසාදිතයන් 45,280ක් වාර්තාවන අතර මරණ 1,712ක් සිදුව තිබේ. ශ්‍රී ලංකාවෙන් රෝගීන් 20,795ක් සහ මරණ 90ක් වාර්තාවන අතර මාලදිවයිනේ වාර්තාවන ආසාදිතයන් සංඛ්‍යාව 12,758කි. සිදුව ඇති මරණ 46කි. දකුණු ආසියා කලාපයේ අඩුම රෝගීන් සංඛ්‍යාවක් වාර්තා වූ රට වන්නේ භූතානයයි. එරට ආසාදිතයන් 386ක් වාර්තාවන අතර කිසිදු මරණයක් මෙතෙක් වාර්තා වී නොමැත.

Related articles

Recent articles

spot_img