-2.1 C
New York

රජයේ නිලධාරියෙක් තවත් නිලධාරිනියකට පහර දෙයි (වීඩියෝ)

Published:

බස්නාහිර පළාත් මාර්ග සංවර්ධන අධිකාරියේ ගම්පහ, උඩුගම්පොළ ප්‍රදේශයේ පිහිටි කාර්යාලයක විධායක ශ්‍රේණියේ නිලධාරියකු එම කාර්යාලයේ සේවය කරන කාන්තාවකට පහර දෙන අයුරු දැක්වෙන වීඩියෝ දර්ශන සමාජ මාධ්‍ය ඔස්සේ හුවමාරු වෙමින් තිබේ.

මෙය ඊ‌යේ (23) වූ සිදුවීමක් බව ද එහි දක්වා ඇත. මෙම නිලධාරියා නිතරම තමන්ට මානසිකව වද දෙන බවත් දුරකථන අංකයක් ඉල්ලා එය ලබාදීමට ගත වූ විනාඩි 05ක කාලයේ දී කෑ ගැසූ බවත් මෙහි පැවසේ. තමන්ට කෑ ගසන අයුරු ඇය පටිගත කරන විට ඔහු තම අසුනෙන් නැගිට පැමිණ ඇයට පහර දෙන ආකාරයත් ආයතනයේ අනෙක් සේවකයන් විසින් එය වළක්වන ආකාරයත් වීඩියෝවේ පැහැදිලිව දැක්වෙයි. ඇය හඬමින් පවසන්න‌නේ එම නිලධාරියා තමන්ට පහර දෙන ආකාරය තමන් විසින් ම වීඩියෝ කළ බවයි. ඒ අනුව මෙම වීඩියෝව පහරකෑමට ලක්වූ කාන්තාව විසින්ම පටිගත කරන ලද්දක් බව පැහැදිලි වෙයි.

මේ සිද්ධිය සම්බන්ධයෙන් අදාල සේවිකාව ආයතනයේ ප්‍රධානින්ට පැමිණිලි කර ඇති බව ද දැනගන්නට ඇත.

Related articles

Recent articles

spot_img