-2.1 C
New York

රන් පැහැති මීමින්නෙක් හමුවෙයි

Published:

ලා දුඹුරු සහ සුදු පැහැති වර්ණයෙන් යුතු මී මින්නකු නාත්තණ්ඩිය තබ්බෝව ප්‍රදේශයේ ඉඩම ක සිටිය දී හමුවී ඇතැයි පුත්තල දිස්ත්‍රික් වනජීවී කාර්යාලය පවසයි.

මෙම මී මින්නා අඩි එකහමාරක් පමණ උස වන අතර කිලෝ ග්‍රෑම් 04කට ආසන්න බරකින් යුක්තය. වනජීවී නිලධාරීන් පවසන්නේ මේ මීමින්නා වඩාත් ආරක්ෂිත වන ගහණයකට මුදා හරිනවාද නැතිනම් සත්වෝද්‍යානයට භාරදීමට කටයුතු කරනවා ද යන්න පිළිබඳ මෙතෙක් තීරයක් ගෙන නොමැති බවයි.

සත්ත්ව විද්‍යා පර්යේෂකයන් පවසන්නේ මේ සත්ත්වයාගේ ඇස් කළු පැහැති බැවින් ඇතැම් විට එම සත්ත්වයා අර්ධ වශයෙන් ඇලි සත්ත්වයකු විය හැකි බවයි. පූර්ණ ඇලි භාවය පෙන්වන සතකු නම් ඇස් රෝස පැහැයෙන් දිස්වේ. නැතිමන් මේ සත්ත්වයා ජානමය හේතුවක් නිසා ඇතිවූ වෙනත් වර්ණ ප්‍රබේදයක් නිසා මෙවැනි වර්ණයකින් යුක්ත විය හැකි බව ද පර්යේෂකයන්ගේ මතයයි.

ගැමියන් මෙම මී මින්නා හඳුන්වන්නේ රන්වන් පැහැති මීමින්නකු ලෙසින් බව වනජීවී නිලධාාරීහු කියති.  

(ඡායාරූප lankadeepa.lk)

Related articles

Recent articles

spot_img