-2.1 C
New York

දිලිත් ජයවීර හා ඩයන් ගෝමස් රාජ්‍ය සේවා කොමිසමට යෝජනා වෙයි

Published:

රාජ්‍ය සේවා කොමිෂන් සභාවට ‌පුද්ගලික අංශයේ නියෝජිතයන් ලෙස ඩයන් ගෝමස් සහ දිලිත් ජයවීර දෙදෙනා පත්කිරීමට අද (24) යෝජනාරක තිබේ. පාර්ලිමේන්තු මහ ලේකම් කාර්යාලය පවසන්නේ මේ සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවේ සාක්ච්ඡා කෙරෙමින් පවතින බවයි.

ගාල්ල ශාන්ත ඇලුවීෂියස් විද්‍යාලයේ ආදි සිසුවකු වන දිලිත් ජයවීර කොළඹ විශ්වවිද්‍යාලයේ නීති උපාධිධාරියෙකි. වෙළඳ ප්‍රචාරණ ක්ෂේත්‍රයේ කැපී පෙනෙන චරිතයක් වූ ඔහු 1993 වර්ෂයේ දී ට්‍රයඩ් ඇඩ්වර්ටයිසින් පුද්ගලික සමාගම ආරම්භ කළේයය. ඔහු ශ්‍රී ලංකාවේ පැරණිත ම වෙළෙඳ ජෝර්ජ් ස්ටුවර්ට් සහ සමාගමේ සභාපතිවරයා වන අතර දෙරණ මාධ්‍ය ජාලයේ හිමිකරුවා ද වෙයි.

ඔහු 2020 වර්ෂයේ දී එල්එම්ඩී ආයතනය විසින් නම් කරන ලද හොඳම ව්‍යාපාරිකයන් 100 දෙනා අතරට පත්ව සිටියේය.

ඩයන් ගෝමස් මාස් හෝල්ඩින්ග්ස් පුද්ගලික සමාගමේ සමූහ අධ්‍යක්ෂවරයෙකි. එමෙන් ම මාස් ඉන්ටිමේට්ස් හි කළමණාකාර අධ්‍යක්ෂවරයා ලෙස ද කටයුතු කරයි. එක්සත් රාජධානියේ වරලත් කළමනාකරණ ගණකාධිකාරීන්ගේ ආයතනයේ හා සහතිකලත් ගණකාධිකාරීවරුන්ගේ සංගමයේ සාමාජිකයකු වන ඔහු බොහෝ පුද්ලික හා රාජ්‍ය ආයතනයන්හි තනතුරු රැසක් දරමින් සිටියි.

Related articles

Recent articles

spot_img