spot_img
spot_imgspot_img

ජනාධිපතිට දී තිබූ සිතාසිය බල රහිත කරයි

පුවත්

විදෙස්

මානව හිමිකම් ක්‍රියාකාරිකයන් දෙදෙනකු වන ලලිත් කුමාර් වීරරාජ් සහ කූගන් මුරුගානන්දන් අතුරුදන්වීමේ සිද්ධියට අදාලව යාපනය මහේස්ත්‍රාත් අධිකරණයෙන් වත්මන් ජනාධිපති හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂට නිකුත් කර තිබූ සිතාසිය අද (24) අභියාචනාධිකරණය විසින් බල රහිත කර ඇත.

අභියාචනාධිකරණයේ සභාපති විනිසුරු එම්.ඩී.නවාස් සහ සෝභිත රාජකරුණා විසින් මේ නියෝගය ලබා දෙන ලදී.

ලලිත් – කූගයන යන දෙදෙනා 2012 වර්ෂයේ අතුරුදන් වනවිට ආරක්ෂක ලේකම්වරයා ලෙස ගෝඨාභය රාජපක්ෂ කටයුතු කළේය. අදාල අතුරුදන්වීමේ සිද්ධියට අදාළව යාපනය මහේස්ත්‍රාත් අධිකරණයේ විභාගවන නඩුවේ එක් වගඋත්තර කරුවකු ලෙස ඔහු ද නම්කර තිබිණි.

මෙම නඩුවට පෙනී සිටීම සඳහා යාපනය අධිකරණයෙන් ගෝඨාභය රාජපක්ෂ ලෙස සිතාසියක් නිකුත් කර තිබූ අතර එය බල රහිත කරන ලෙස ඔහුගේ නීතිඥයන් විසින් පසුගිය වසරේ දී අභියාචනාධිකරණයෙන් ඉල්ලා තිබිණි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img

Latest articles

error: Content is protected !!