නිරිතදිග බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශයේ පැවැති ගැඹුරු පීඩන අවපාතය මේ වනවිට සුළි කුනාටුවක් දක්වා වර්ධනය වී ඇතැයි ද ඉදිරි පැය 24 දී එය චණ්ඩ සුළි කුණාටුවක් බවට වර්ධනය වී දිවයිනේ උතුරු වෙරළ ආසන්නයෙන් තමිල්නාඩුව දෙසට ගමන් කරනු ඇතැයි ද කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.
අද (24) උදෑසන 10.30 ට එම දෙපාර්තමේන්තුව නිකුත්කළ නිවේදනයේ සඳහන් වන්නේ මේ හේතුවෙන් ඉදිරි පැය 24 දී දිවයිනේ උතුරු සහ නැගෙනහිර ගැඹූ හා නොගැඹුරු මුහුදු ප්‍රදේශවල නිරන්තර වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතවිය හැකි බවයි. සුළං වේගය ක්ෂණිකව පැයට කිලෝ මීටර 80-100ත් අතර ඉහළ යාමට ඉඩ ඇති බව ද එම වාර්තාවේ දක්වා ඇත.
එමෙන් ම මෙහි බලපෑමෙන් මන්නාරම සිට කන්කසන්තුරය, ත්‍රිකුණාමලය සහ මඩකලපුව හරහා පොතුවිල් දක්වා වෙරළ ආසන්න මුහුදු රළ මීටර 2-3දක් දක්වා ඉහළ යාමේ හැකියාවක් පවතින බැවින් විටින් විට මුහුදු රළ ගොඩබිමට පැමිණීමේ හැකියාවක් ද පවතින බව දැනුම් දෙයි.
(කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිකුත්කළ සම්පූර්ණ වාර්තාව පහත සඳහන් කර ඇත.)
https://www.rata.lk/wp-content/uploads/2020/11/WWO2020112409S.pdf