spot_img
spot_imgspot_img

චීන යානය හඳෙන් පස් ගේන්න යයි

පුවත්

විදෙස්

මිනිසුන් රහිත අභ්‍යවකාශ යානයක් චීනය විසින් අද (24) උදෑසන චන්ද්‍රයා වෙත යවනු ලැබීය. චැන්ජි – 5 යනුවෙන් නම් කර ඇති මෙම යානයේ අරමුණ වන්නේ චන්ද්‍රයාගේ පස් හා පාෂාණ කොටස් පෘථිවිය වෙත ගෙන ඒමයි.

චැන්ජි යනු චීනයේ විශ්වාසයන් අනු චන්ද්‍ර දේවතාවිය හඳුන්වන නාමයයි.

1970 දශකයේ සඳවෙත ගමන් කිරීමෙන් පසු පාෂාණ ගෙන ඒම සඳහා යානයක් සඳවෙත යන ප්‍රථම අවස්ථාව මෙය බව මාධ්‍ය වාර්තා කර ඇත.

සඳ මතුපිට සිට මීටර් දෙකක් යටින් ඇති පාෂාණ කිලෝග්‍රෑම් දෙකක් සහ වෙනත් සුන්බුන් රැගෙන ඒම මෙහෙයුමේ ප්‍රධාන කාර්යයයි.

එමගින් අලුතින් ලබාගත් චන්ද්‍ර පාෂාණ අධ්‍යනය කිරීමට විද්‍යාඥයින්ට හැකිවනු ඇතැයි චීන අභ්‍යවකාශ ඒජන්සිය පවසයි.

යානයට සඳ වෙත යෑමට දින තුනක් ගතවේ. එය සඳ මත රැඳී සිටින්නේ කෙටි කාලයකි. එනම් පෘථිවි දින 14කි.

චීනය මීට වසර දෙකකට පෙර සඳ වෙත යැවූ චැන්ජි – 4 යානය මේවනවිටත් සඳෙහි අඳුරු කොටසේ ගවේෂණ කටයුතු සිදුකරමින් සිටියි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img

Latest articles

error: Content is protected !!