-5.9 C
New York

ඔක්ස්ෆර්ඩ් එන්නත වඩාත් සුදුසු බවට අදහසක්

Published:

බ්‍රිතාන්‍යයේ ඔක්ස්ෆර්ඩ් විශ්වවිද්‍යාලය විසින් වැඩිදියුණු කරන ලද එන්නත කොවිඩ් – 19 රෝගයෙන් වැළකීම සඳහා බෙහෙවින් ඵලදායී බව පර්යේෂකයෝ පවසති.

පර්යේෂණ දත්ත පෙන්නුම් කරන්නේ එම එන්නතින් 70%ක ආරක්ෂාවක් ලැබෙන බවයි.

කෙසේවුවද එන්නත වැඩිදුයුණු කිරීම මගින් එහි ඵලදායීතාව 90%ක් දක්වා වැඩිකළ හැකි බව පර්යේෂකයෝ පවසති.

ෆයිසර් සහ මොඩර්නා සමාගම් විසින් ඉදිරිපත් කළ එන්නත් 95%ක ආරක්ෂාවක් සහතික කර ඇති නමුත් ඔක්ස්ෆර්ඩ් එන්නත වඩා ලාභදායී බව පර්යේෂකයෝ පෙන්වා දෙති.

එසේම ඔක්ස්ෆර්ඩ් එන්නත ලොවපුරා ඕනෑම ස්ථානයක පහසුවෙන් ගබඩා කර තබාගත හැකි බවද ඔවුහු පවසති.

පර්යේෂකයන් පවසන්නේ ඔක්ස්ෆර්ඩ් එන්නත සාමාන්‍ය ශීතකරණයක ගබඩාකර තබාගතහැකි බවයි.

ඔක්ස්ෆර්ඩ් එන්නතෙහි මිල ඩොලර් 03ක් පමණ වන අතර ෆයිසර්ගේ එන්නත ඩොලර් 15ක් හා මොඩර්නා එන්නත ඩොලර් 25ක් පමණ වේ.

එබැවින් ඔක්ස්ෆර්ඩ් එන්නත සඳහා අනුමැතිය ලැබුණහොත් එය වසංගතය පාලනය කිරීම සඳහා වැදගත් කාර්යභාරයක් ඉටුකරනු ඇතැයි පර්යේෂකයෝ පවසති.

සාමාන්‍යයෙන් මෙවැනි එන්නතක් වැඩිදියුණු කිරීම සඳහා වසර 10ක පමණ කාලයක් ගතවුවද මෙම එන්නත නිපදවීමට ගතවී ඇත්තේ මාස 10කටත් අඩු කාලයකි. එන්නත පරීක්ෂා කිරීම සඳහා පුද්ගලයන් 3,000ක් පමණ යොදාගෙන ඇත.

ඇස්ට්‍රාසෙනෙකා සමාගම විසින් මෙම එන්නත නිශ්පාදනය කරයි.

Related articles

Recent articles

spot_img