4.5 C
New York

මරණ ගණන 90 ද ? 91 ද ? ගැටලුවක්

Published:

කොරෝනා වසංගතය හේතුවෙන් මියගිය තවත් තිදෙනකු පිළිබඳ රජයේ ප්‍රවෘත්ති අධ්‍යක්ෂ ජනරාල්වරයා නිවේදනයක් නිකුත් කරමින් තොරතුරු ලබා දී ඇත. ඔහු පවසන්නේ අද (23) දිනයේ කොරෝනා මරණ 03ක් සිදුව ඇති බවයි. නමුත් එම නිවේදනයට කොරෝනා හේතුවෙන් මියගිය බවට වාර්තා වූ බන්ධනාගාර රැඳවියාගේ විස්තර ඇතුළත් කර නැත.

ප්‍රවෘත්ති අධ්‍යක්ෂ ජනරාල්වරයාගේ නිල නිවේදනවලට අනුව ඊයේ දිනයේ සඳහන් වූයේ මරණ සංඛ්‍යාව 87ක් බවයි. අද ප්‍රවෘත්ති අධ්‍යක්ෂ ජනරාල්වරයාට සෞඛ්‍ය අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් ලබාදුන් ලේඛනයේ බන්ධනාගාර රැඳවියාගේ මරණය ගැන සඳහන් කර නොමැති බැවින් රජයේ ප්‍රවෘත්ති අධ්‍යක්ෂ ජරනාල්වරයා සඳහන් කරන්නේ මෙරට මේ දක්වා සිදුව ඇති මරණ සංඛ්‍යාව 90ක් වශයෙනි. නමුත් බන්ධනාගාරය විසින් නිකුත් කරන ලද තොරතුරු අනුව මෙම ප්‍රමාණය 91ක් විය යුතුය.

රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ නිවේදනයේ දැක්වෙන පරිදි මරණ තුන පහත සඳහන් පරිදි සිදුව ඇත.

  1. කොරෝනා ආසාදිත බව හඳුනාගැනීමෙන් පසු අයිඩීඑච් රෝහලට අතුළත් කළ හෙයියන්තුඩුවේ පදිංචි 86 හැවිරිදි කාන්තාවක් කොරෝනා වයිරස උග්‍ර ආසාදන තත්ත්වය හේතුවෙන් 22 වැනි දින මියගොස් තිබේ.
  2. කොළඹ 15 මට්ටක්කුලියේ පදිංචි 60 හැවිරිදි පිරිම පුද්ගලයකු කොරෝනා ආසාදිත බව හඳුනාගෙන හෝමාගම දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටිය දී කොරෝනා නිසා ලේ විෂවීමකින් මියගොස් ඇත. ඒ අද (23) දින දී ය.
  3. කොළඹ 14 පදිංචි 60 හැවිරිදි කාන්තාවක් හෘධයාබාධයක් හේතුවෙන් කොළඹ ජාතික රෝහලට ඇතුළත් කර අද (23) මියගොස් ඇත. මරණයට හේතුවෙ ලෙස දැක්වෙන්නේ කොරෝනා ආසාදනය වීම හා හෘදයාබාධකි.

මේ අතර බන්ධනාගාර ආසාදිතයන් අතරින් වැලිකඩ බන්ධනාගාරයේ සිටි 82 වියැති රැඳවියෙක් පිළිකා රෝගයක් හේතුවෙන් වැලිකඩ බන්ධනාගාර රෝහලේ සිටි බවත් එහි දි අසාධ්‍ය වීමෙන් ඔහු රාගම ශික්ෂණ රෝහලට මාරුකර යැවූ බවත් එහි දී මියගිය බවත් බන්ධනාගාර ආරංචිමාර්ග පවසයි. මෙම තැනැත්තා මනුෂ්‍ය ඝාතනයක් සම්බන්ධයෙන් වරදකරු වී ඔහුහ 2006 වර්ෂයේ දී වැලිගඩ බන්ධනාගාරය වෙත රැගෙනවිත් සිටි බව පැවසේ. දේහය සම්බන්ධයෙන් සිදුකළ පීසීආර් පරීක්ෂණයේ දී ඔහු කොරෝනා ආසාදිතයකු බව හඳුනාගෙන ඇත.

Related articles

Recent articles

spot_img