රට පුරා රෝහල් සඳහා ඖෂධ බෙදාහරිනු ලබන වෛද්‍ය සැපයුම් අංශයෙන් ද කොරෝනා රෝගීන් වාර්තාවීම හේතුවෙන් බරපතල ගැටලුවකට සෞඛ්‍ය අමාත්‍යාංශය මුහුණ දී සිටියි.
මේ වනවිට මාධ්‍යවෙත දැනුම් දී ඇත්තේ කොරෝනා ආසාදිතයන් 06 දෙනකු සිටින බව වුව ද වෛද්‍ය සැපයුම් අංශයෙන් මීට දින දෙකකට පෙර එනම් 21 වැනි දා ආසාදිතයන් 04 දෙනකු වාර්තා වූ බවත් අද වනවිට තවත් 06 දෙනකු වාර්තා වී ඇති බවත් අභ්‍යන්තර ආරංචි මාර්ග සඳහන් කරයි.
වෛද්‍ය සැපයුම් අංශයේ අංක 01 ගබඩාව හෙවත් ප්‍රතිජීවක ඖෂධ ගබඩාවේ සේවකයකු තම නිවසට ගොස් සිටිය දී ඔහුගේ පියා ආසාදිත බව දැනගෙන හැකි ඉක්මණින් යළි සේවා ස්ථානයට පැමිණ තිබේ. මෙම පුද්ගලයා මගින් කොරෝනා වයිරසය වෛද්‍ය සැපයුම් අංශය වෙත පැමිණෙන්නට ඇතැයි සෞඛ්‍ය අංශ සැකකරයි. කෙසේ වෙතත් මෙම සේවයකයා ප්‍රාදේශීය වෛද්‍ය සැපයීම් සිදුකරන ලොරි රථවල ද ගමන් කර ඇති බවට තොරතුරු හෙළිවී තිබේ.
එම ආසාදිතයා සේවය කරන ප්‍රතිජීවක ඖෂධ ගබඩාවේ ම සේවය කරන තවත් අයකු සහ අංක 02 ගබඩාවේ සේවකයකු ද කොරෝනා ආසාදිත වී ඇති අතර ආයතනයේ ෆෝක්ලිෆ්ට් ක්‍රියාකරුවකු ද ආසාදිත බව හඳුනාගෙන තිබිණි.
මේ අනුව ඖෂධ ලබාගැනීම සඳහා වෙනත් රෝහල්වලින් මෙහි පැමිණි සේවකයන් සහ ප්‍රාදේශීය සැපයුම් කටයුතු සඳහා ආසාදිත පුද්ගලයන් හා ඔවුන්ගේ ආශ්‍රිතයන් පිටත ප්‍රදේශ වෙත ගිය ස්ථානයන් පිළිබඳව ද මේ වනවිට සෞඛ්‍ය අමාත්‍යාංශය විමර්ශන ආරම්භ කර තිබේ.