spot_img
spot_imgspot_img

කොරෝනා අරමුදලෙන් 86% ආණ්ඩුව පොදි බැඳගෙන ?

පුවත්

විදෙස්

කොවිඩ් වසංගතය විශාල අර්බුදයක් වී තිබියදීත්, මිලියන 1640 ක් වන කොවිඩ් අරමුදලෙන් 16% ක් පමණක් වියදම් කර ඉතිරි 84% පොදි බැඳගෙන සිටින්නේ කුමකට දැයි ජාතික ජනබලවේගය පක්‍ෂයේ මන්ත්‍රී සහ ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක මහතා අද (23) පාර්ලිමේන්තුවේදී අණ්ඩුවෙන් ප්‍රශ්න කළේය.  ආණ්ඩුව ඉදිරිපත් කළ 2021 අයවැය පිළිබඳව විවාදයට එක්වෙමින් අනුර කුමාර දිසානායක මහතා වැඩි දුරටත් මෙසේ ද පැවසීය.

“කොවිඩ් අරමුදලෙන් 16% ක් වියදම් කරලා 84% ක් පොදි බැදගෙන ඉන්නෙ කුමක් වෙනුවෙන්ද? කොවිඩ් අරමුදලේ මිලියන 1640 යි. හැබැයි වියදම 268 යි. ඒ කියන්නේ ආසන්න වශයෙන් ගත්තොත් සියයට 16% යි”

“කොවිඩ් වසංගත තත්ත්වය විශාල අර්බුදයක් තියෙන අවස්ථාවකත්, විශාල අරමුදලක් සකස්වෙලා තියෙන වෙලාවක්. හැබැයි ‘කොවිඩ් වසංගත මැඩපැවැත්වීම සඳහා වැය කරලා තියෙන්නේ 16% ක වගේ සොච්චම් ප්‍රමාණයක්”

“එහිදී විශේෂයෙන් රෝහලක කෙනෙක් මියගිය හොත්, ඔහුට කොවිඩ් වයිරසය වැළදී ඇති බවට තහවුරු වුණොත් ඒ පවුල්වලට සිරුර දෙන්නේ නෑ. රෝහල විසින්ම එය ආදාහනය කරනු ලබනවා. හැබැයි මොකද කරන්නේ අර පවුලකින් රුපියල් 20,000 ක් ගන්නවා පෙට්ටියක් ගන්න. එක්කො පෙට්ටියක් ගෙනත් දෙන්න කියනාවා. එක්කො රුපියල් 20,000 ක් දෙන්න කියනවා. අසරණභාවයට පත්වෙලා තියෙන අයගෙන් කෙනෙක් මියගියාට පසුව”

“ගොඩක් නිරෝධානය වෙමින් තිබෙන ගෙවල්. සමහර තැන්වල ලොක්ඩවුන්වලට හසුවෙලා තියෙන ගෙවල්වල තමයි මේ මරණය සිදුවෙලා තියෙන්නේ. නමුත් රුපියල් 20,000 ක් ගෙවන්න ඕනෙ මෝචරියට. අඩුම තරම මේ අරමුදලින් මෙන්න මේකවත් කරන්න තමුන්නාන්සේලාට බැරිද?”

“කොවිඩ් අරමුදල පිළිබඳ සාකච්ඡාවක් මතුවී තිබෙනවා. 2020 නවවැනි මාස 30 වැනිදා වන විට කොවිඩ් අරමුල සතුව මිලියන 1640 ක් තිබෙන බව ප්‍රකාශ කර තිබෙනවා.”
“ගරු කථානායකතුමනි, එහි වියදම් වාර්තාවක් ලබාදී තිබෙනවා. පී.සී.ආර්. පරීක්‍ෂණ සඳහා මිලියන 100 ක් වෙන් කොට තිබෙනවා. හැබැයි වියදම් කරලා තියෙන්නෙ මිලියන 42 යි.

දැනුවත්කිරීමේ වැඩහටන්වලට මිලියන 100 ක් වෙන්කරලා තියෙනවා නමුත් වියදම් කරලා තියෙන්නේ මිලියන 24 යි”

“මඩකලපුව ශික්‍ෂණ රෝහලේ රසායනාගාර පහසුකම් වර්ධනය කරන්න. ඒ වගේම ශ්‍රී ලංකා නැනෝ තාක්‍ෂණයේ රැපිඞ් ටෙස්ට් කිට් එක වැඩි දියුණු කරන්න. මෙලෙස ගත්තම වැය කරන්න සූදානම් කරලා තියෙනවා මිලියන 268 ක්” යැයි අනුර කුමාර දිසානායක මහතා වැඩි දුරටත් පැවසීය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img

Latest articles

error: Content is protected !!