එක්සත් ජාතික පක්ෂයේ ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුරය සඳහා පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතාගේ නම නිර්දේශ කිරීමට පක්ෂ කළමනාකරණ කමිටුව අද (23) තීරණය කළේය.
ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුරය භාරගන්නා ලෙස පක්ෂයේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් සහ පක්ෂ ජ්‍යෙෂ්ඨයන්ගේ අත්සන් සහිතව ලිපියක් ද බාරදෙනු ලැබීය.
එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් පක්ෂ කළමනාකරණ කමිටුව සිරිකොත පක්ෂ මූලස්ථානයේදී පෙරවරුවේ රැස්විය. එජාප ජාතික සංවිධායක නවීන් දිසානායක සහ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී අර්ජුන රණතුංග යන මහත්වරුන් විසින් ජාතික මන්ත්‍රී ලැයිස්තු ධුරය සඳහා මෙයට පෙර යෝජනා කර තිබූ රනිල් වික්‍රමසිංහ මහතාගේ නම කළමනාකරණ කමිටු රැස්වීමේදී දීර්ඝව සාකච්ඡාවට ගැණිනි.
රැස්වීමට පැමිණි කිසිවෙකුත් එම අදහසට විරුද්ධ නොවූ අතර ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුරය භාර ගන්නැයි ඉල්ලා සියලු දෙනාගේ අත්සන් සහිත ලිපියක් රනිල් වික්‍රමසිංහ මහතාට භාර දීමට ද එම කමිටු සාමාජිකවරු කටයුතු කළහ.
මෙම අවස්ථාව සඳහා එක්සත් ජාතික පක්ෂයේ ජ්‍යෙෂ්ඨයන්, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරු ඇතුළු පිරිසක් එක්ව සිටියහ