3.9 C
New York

අලුත් අමාත්‍යාංශ දෙකක් බිහිවෙයි. පොලිසියත් ඉන් එකකට

Published:

ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයා විසින් අතිවිශේෂ ගැසට් පත්‍රයක් නිකුත් කරමින් නව අමාත්‍යාංශ දෙකක් බිහිකර තිබේ.

2020.11.20 දිනැතිව අංක 2202/25 ගැසට් නිවේදනය මගින් මෙම නව අමාත්‍යාංශ ස්ථාපිත කර විෂය පථයන් ද ව්‍යවවස්ථාපිත ආයතන හා ක්‍රියාත්මක කළ යුතු අණ පනත් ද දක්වා ඇත.

ඒ අනුව මහජන ආරක්ෂක අමාත්‍යාංශය නමින් නව අමාත්‍යාංශයක් ද තාක්ෂණ අමාත්‍යාංශය නමින් නව අමාත්‍යාංශයක් ද බිහිකර ඇත.

මහජන ආරක්ෂක අමාත්‍යාංශයේ විෂය පථය ලෙස සියලුම පුරවැසිය්නට බියෙන් සැකෙන් තොරව නිදහසේ ජීවත්වීමට සුදුසු පරිසරයක් නිර්මාණය කිරීම මගින් මහජන ආරක්ෂාව තහවුරු කිරීම හා නීතිය හා සාමය පවත්වා ගැනීම යන්න ඇතුළත් කර ඇත.

ඒ අනුව එම නව අමාත්‍යාංශයට ශ්‍රී ලංකා පොලිසිය, ජාතික පොලිස් අභ්‍යාස ආයතනය, සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුව සහ බහුකාර්ය සංවර්ධන කාර්යසාධක බලකා දෙපාර්තමේන්තුව ඇතුළත් කර ඇත.

තාක්ෂණ අමාත්‍යාංශයේ විෂය පථය ලෙස දක්වා ඇත්ත් ප්‍රශස්ත තොරතුරු තාක්ෂණය ජාතික සහ ජාත්‍යන්තර විද්‍යුත් සම්බන්ධතාවයන් හා සම්බන්ධීකරණය කරමින් සෞඛ්‍ය අධ්‍යාපන, සුබ සාධන හා රාජ්‍ය සේවාවන් මෙන්ම ව්‍යාපාරික ක්ෂේත්‍රය කාර්යක්ෂම ලෙස මෙහෙයවීම සඳහා ඩිජිටල් ආණ්ඩුකරණ සේවා ස්ථාපිත කිරීම දක්වා ඇත. එම අමාත්‍යාංශයට ශ්‍රී ලංකා විදුලි සං‌දේශ නියාමන කොමිෂන් සහ අනුබද්ධ ආයතන, තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ නියෝජිතායතනය හා ඊට අනුබද්ධිත ආයතන, ශ්‍රී ලංකා පරිගණක හදිසි ප්‍රතිචාර සංසදය, ශ්‍රී ලංකා ටෙලිකොම් සමාගම හා එහි පාලිත සමාගම් සහ ආශ්‍රිත ආයතන, කාර්මික තාක්ෂණ ආයතනය, ශ්‍රී ලංකා ඉන්ස්ටිටියුට් ඔෆ් නැනෝ ටෙක්නොලොජි ප්‍රයිවට් ලිමිටඩ් , ජාතික විද්‍යා හා තාක්ෂණ කොමිෂන් සභාව, සියලුම තොරතුරු තාක්ෂණ උද්‍යාන, ශ්‍රී ලකා ප්‍රමිති ආයතනය, පුද්ගලයන් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුව ඇතුළත් කර තිබේ.

https://www.rata.lk/wp-content/uploads/2020/11/Gazette.pdf

Related articles

Recent articles

spot_img