3.9 C
New York

වෙබ් අඩවි පාලනයටත්, ජනමාධ්‍ය නියාමනයටත් රජය සැරසෙයි

Published:

වෙබ් අඩවි පාලනය කිරීමට නිශ්චිත වැඩපිළිවෙලක් අවශ්‍ය බවත් ඒ සඳහා ඉදිරි සති දෙකක කාලයක දී නිශ්චිත නියාමන වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කරන බවත් ජනමාධ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල පාර්ලිමේන්තුවේ දී ප්‍රකාශ කළේය.

අමාත්‍යවරයා මේ බව කියා සිටියේ ජනමාධ්‍ය කටයුතු පිළිබඳ අමාත්‍යාංශයීය උපදේශක කාරක සභාවට එක්වෙමිනි.

පුරවැසියන්ගේ ආත්ම ගරුත්වය ආරක්ෂාවන පරිදි කටයුතු කිරීම වෙනුුුුුුවෙන් පුවත්පත් මණ්ඩල පනත සංශෝධනය කළ යුතු බව ද අමාත්‍යවරයා මෙහි දී කියා සිටියේය.

ජනමාධ්‍ය මගින් සමස්ථ පුරවැසියන්ගේ අයිතීන් ආරක්ෂා කළ යුතු බව ද අමාත්‍යවරයා කීවේය. මේ සඳහා ජනමාධ්‍ය නියාමනයක අවශ්‍යතාව තිබෙන බවත් හෙතෙම පෙන්වාදුන්නේය.  

Related articles

Recent articles

spot_img