3.9 C
New York

බන්ධනාගාරයේ ආසාදිතයන් තවත් ඉහළට. වැදගත් සාකච්ඡාවක් හෙට

Published:

බන්ධනාගාර ආශ්‍රිතව හමුවන කොරෝනා ආසාදිතයන් සංඛ්‍යාව 656 දක්වා ඉහළ ගොස් ඇති බවත් ඊට නිලධාරීන් 43ක් ඇතුළත් බවත් බන්ධනාගාර සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ වෛද්‍ය ප්‍රියන්ත අතපත්තු පවසයි.

මේ හේතුවෙන් බන්ධනාගාර සඳහා අනුයුක්ත කර ඇති මහජන සෞඛ්‍ය පරික්ෂකවරු සංඛ්‍යාව හෙට (23) දිනයේ දී තවදුරටත් ඉහළ දැමීමට පියවර ගන්නා බව ද හෙතෙම සඳහන් කළේය.

බන්ධනාගාරවල පවතින තදබදය අවම කිරීම අත්‍යාවශ්‍ය බැවින් මේ සම්බන්ධයෙන් බන්ධනාගාර ප්‍රතිසංස්කරණ හා සිරකරුවන් පුනරුත්ථාපන රාජ්‍ය අමාත්‍ය විශේෂඥ වෛද්‍ය සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ සහ අධිකරණ අමාත්‍ය ජනාධිපති නීතිඥ අි සබ්රි අතර හෙට විශේෂ සාකච්ඡාවක් ද පැවැත්වීමට නියිමතිය.

බන්ධනාගාර ප්‍රතිසංස්කරණ හා සිරකරුවන් පුනරුත්ථාපන රාජ්‍ය අමාත්‍යාංශය පවසන්නේ හෙරොයින් ග්‍රෑම් 02කට අඩු සහ ගංජා කිලෝ ග්‍රෑම් 05කට අඩු චෝදනා එල්ල වී සිටින රිමාන්ඩ් රැඳවියන් 6,334 දෙනකුගේ ඉදිරි නීති කටයුතු කඩිනම් කිරීමට ද තීරණය කර ඇති බවයි.

Related articles

Recent articles

spot_img