spot_img
spot_imgspot_img

අරලියගහ මන්දිරය, අගමැති කාර්යාලය වසා දැමූ පුවත බොරුවක්

පුවත්

විදෙස්

අග්‍රාමාත්‍ය කාර්යාලය හෝ අරලියගහ මන්දිරයේ සේවය කරනු ලබන කිසිදු නිලධාරියෙකුට කොරෝනා ආසාදනය වී නැතැයි අග්‍රාමාත්‍ය කාර්යාලය නිවේදනයක් නිකුත් කරමින් පවසයි.

කොරෝනා වසංගතය හේතුවෙන් අරලියගහ මන්දිරය තාවකාලිකව වසා දමා ඇති බවට පුවත්පතක පළ වී තිබු ප්‍රවෘත්තියේ කිසිදු සත්‍යතාවයක් නොමැති බව අග්‍රාමාත්‍ය ලේකම්, රොහාන් වැලිවිට මෙම නිවේදනය මගින් දැනුම් දී තිබේ.

රජය හා සෞඛ්‍ය අංශවලින් නිකුත් කර ඇති උපදෙස්වලට අනුකූලව අග්‍රාමාත්‍ය කාර්යාලය මෙන්ම, අරලියගහ මන්දිරයේ දෛනික රාජකාරී කටයුතු කිසිදු බාධාවකින් තොරව පවත්වාගෙන යන බවත් රාජකාරී කටයුතු සඳහා කැඳවා ඇත්තේ අත්‍යාවශ්‍ය නිලධාරීන් පිරිසක් පමණක් බවත් එම නිවේදනයේ සඳහන් සඳහන් කර ඇත.

බැසිල් රාජපක්ෂගේ මූලිකත්වයෙන් ‍පවත්වාගෙන යනු ලබන කාර්ය සාධක බලකායේ කටයුතු ද කිසිදු බාධාවකින් තොරව අරලියගහ මන්දිරය පරිශ්‍රයේ සිට පවත්වාගෙන යනු ලබන බවත්, කොවිඩ් ආසාදිත පුද්ගලයින් හමුවී ඇත්තේ අග්‍රාමාත්‍ය ආරක්ෂක අංශයට අනුබද්ධිත බාහිර ඒකකයෙන් බවත් එම නිවේදනයේ දැක්වේ.

අග්‍රාමාත්‍ය කාර්යාලය හා අරලියගහ මන්දිරය තුළ රාජකාරියේ නියුතු ආරක්ෂක අංශ නිලධාරීන් පෙර පරිදි රාජකාරී කටයුතුවල නියැළී සිටින බව ද අග්‍රාමාත්‍ය ලේකම්වරයා වැඩිදුරටත් සඳහන් කර ඇත.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img

Latest articles

error: Content is protected !!