1.4 C
New York

කොරෝනා නිසා කුරුණෑගල තැපෑල ඇණහිටී

Published:

කොරෝනා වසංගත තත්ත්වය හේතුවෙන් කුරුණෑගල දිස්ත්‍රික්කයේ සියලු තැපැල් හා උප තැපැල් කාර්යාල නැවත දැනුම්දෙනතුරු වසා දමන බව තැපැල්පති රංජිත් ආරියරත්න පවසයි.

කුරුණෑගල ප්‍රාදේශීය තැපැල් අධිකාරී කාර්යාලයේ සහ කුරුණෑගල ප්‍රධාන තැපැල් කාර්යාලයේ සේවකයන් අතරින් 14 දෙනකු කොවිඩ ආසාදිතයන් ලෙස හඳුනාගැනීම හේතුවෙන් මෙම තීරණය ගත් බව තැපැල්පතිවරයා නිවේදනයක් නිකුත් කරමින් කියා සිටියි.

කොරෝනා ආසාදනය වූ ඇතැම් නිලධාීන් ඖෂධ බෙදාහැරීම් හා වෙනත් රාජකාරී කටයුතු සඳහා අනෙකුත් තැපැල් සහ උප තැපැල් කාර්යාල වෙත ගොස් ඇති බැවින් සෞඛ්‍ය අංශවල උපදෙස් පරිදි මෙම තීරණය ගෙන තිබේ. එමෙන් ම කුරුණෑගල දිස්ත්‍රික්කයේ තැපැල් කාර්යාල මගින් ඖෂධ බෙදාහැරීමේ කටයුතු ද නැවත දැනුම්දෙනතුරු නවතා දැමූ බව ද එම නිවේදනයේ දැක්වේ.  

Related articles

Recent articles

spot_img