1.4 C
New York

ඉදිරි පැය 48 දී සුළි සුළං ඇතිවීමේ අවධානමක්

Published:

දිවයිනට ගිනිකොණ දිග බෙංගාලබොක්ක මුහුදු ප්‍රදේශයේ ඇති අඩු පීඩන කලාපය ඉදිරි පැය 24ක කාලයේ දී පීඩන අවපාතයක් දක්වා වර්ධනය විය හැකි බවත් ඉන් පසු එය ඉදිරි පැය 48 දී සුළි කුණාටුවක දක්වා වර්ධනය වීමේ වැඩි හැකියාවක් පවතින බවත් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව අනතුරු අඟවයි.

එම පද්ධතිය ක්‍රමයෙන් වයඹ දිශාවට ගමන් කරමින් නොවැම්බර් 24 වැනි දින වනවිට දිවයිනේ ඊසාන දිග වෙරළබඩ ප්‍රදේශය වෙත ළඟා වනු ඇති බව ද එම නිවේදනයේ දැක්වේ.

මෙම කැළඹිලි ස්වභාවය හේතුවෙන් නැගෙනහිර, උතුරු සහ උතුරු මැද පළාත්වල විටින් විට වැසි හෝ ගිගිරුම් සහිත වැසි ඇති වේ. ඇතැම් ප්‍රදේශවලට මිලි මීටර 150 ඉක්මවන තද වැසි අතිවිය හැකිය. බස්නාහිර, සබරගමුව සහ මධයම පළාත්වලත්, පුත්තලම, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් වැසි වාර කිහිපයක් ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යාඥයෝ කියති.

නැගෙනහිර, උතුරු සහ උතුරුමැද පළාත්වල විටින් විට පැයට කිලෝ මීටර 60-70 දක්වා තද ප්‍රහාරාත්මක සුළං ඇතිවීමට පුළුවන. අනෙකුත් ප්‍ර‌ේදශවල විටින් විට පැයට කිලෝ මීටර 40-50 දක්වා වන තද සුළං ඇතිවන බැවින් සුළං මගින් වන අනතුරු අවමකර ගැනීමට පියවර ගන්නා ලෙස කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවගෙන් ඉල්ලා සිටියි.

Related articles

Recent articles

spot_img