spot_img
spot_imgspot_img

රොකට් ප්‍රහාරයකින් කාබුල් නගරයේ 08ක් මරුට

පුවත්

විදෙස්

ඇෆ්ගනිස්ථානයේ කාබුල් නගරයට එල්ලවූ රොකට් ප්‍රහාරයක් හේතුවෙන් 08 දෙනකු මියගොස් 30 දෙනකු පමණ තුවාල ලබා ඇතැයි ඇෆ්ගන් බලධාරීහු පවසති.

එරට අභ්‍යන්තර කටයුතු අමාත්‍යාංශය පවසන්නේ රොකට් ප්‍රහාර 12ක් පමණ එල්ලවූ බවයි.

තානාපති කාර්යාල සහ ජාත්‍යන්තර සමාගම් රැසක් පිහිටි කාබුල් නගරයේ උතුරු හා මධ්‍යම ප්‍රදේශ වලට මෙම ප්‍රහාර එල්ල විය. ඉරාන තානාපති කාර්යාලය භූමියට ද පුපුරන ද්‍රව්‍ය කොටස් වැටී ඇතත් කිසිවෙකුට හානි සිදුවී නොමැත.

ගොඩනැගිලි හා වාහන කිහිපයකට ද අලාභ හානි සිදුව ඇති අතර ඉස්ලාම් රාජ්‍ය සංවිධානය ප්‍රහාරයේ වගකීම බාරගෙන තිබේ.

සාම සාකච්ඡා ආරම්භ කිරීම සම්බන්දව ඇමරිකාවේ රාජ්‍ය ලේකම් මයික් පොම්පියෝ සහ තලේබාන් සටන්කරුවන් අතර රැස්වීමක් පැවැත්වීමෙන් පැය කිහිපයකට පසු මෙම ප්‍රහාරය එල්ලවී තිබේ.

2021 ජනවාරි මාසය වනවිට ඇෆ්ගනිස්ථානයෙන් ඇමරිකානු භටයන් 2,000ක් පමණ ඉවත්කර ගැනීමට සැලසුම්කර ඇතැයි ද ට්‍රම්ප් ජනාධිපතිවරයාගේ රජය පවසා තිබිණි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img

Latest articles

error: Content is protected !!