2.5 C
New York

මහ බැංකු අධිපතිත් ආශ්‍රිතයෙක්. ආපනශාලා සේවකයා අසාදිතයි

Published:

මහබැංකුවේ ආපනාශාලා සේවකයකුට කොරෝනා ආසාදනය වී ඇති බව තහවුරු වී ඇති අතර ඔහුගේ ආශ්‍රිතයකු බවට පත්වූ මහබැංකු අධිපති ඇතුළු නිලධාරීන් කිහිප දෙනකු ම නිරොධායනයට යොමුකළ බව සෞඛ්‍ය අංශ පවසයි.

මහ බැංකුවේ සේවකයන් කිහිප දෙනකුට කරන ලද පීසීආර් පරීක්ෂණවලින් ඔවුන් ආසාදිත නොවන බව තහවුරු වී තිබේ.

මහබැංකුවේ කටයුතු අඛණ්ඩව පවත්වාගෙන යාම සඳහා හදිසි ක්‍රියාකාරී කාර්ය සාධක බලකායක් පිහිටුවා ඇත. නිලධාරියකු ආසාදිත බව තහවුරුවීමත් සමඟ මහබැංකුව තුළ වයිරසය පැතිරීයාම වැළැක්වීමට කඩිනම් පියවර ගත් බව ද ශ්‍රී ලංකා මහ බැංකුව නිවේදනයක් නිකුත්කරමින් පවසයි.

ආසාදිත නිලධාරියාගේ සමීප ආශ්‍රිතයන් සියලු දෙනා නිරෝධායනයට යොමු කර ඇති අතාර කාර්යාලය විෂබීජහරණය කර තිබේ. කෙසේවෙතත් පූර්ව ආරක්ෂණ ක්‍රමවේදයක් ලෙස ඊයේ (20) දිනයේ සිට දින 14 ක කාලයක් මහ බැංකුවේ ප්‍රධාන කාර්යාලයේ සේවය කරමින් සිටි ජ්‍යෙෂ්ඨ නිලධාරීන් සියලුදෙනා නිවසේ සිට සේවා සැපයීමට තීරණය කර තිබේ.

සෞඛ්‍ය බලධාරීන්ගේ උපදෙස් අනුව අවශ්‍ය ඉදිරි ක්‍රියාමාර්ග ගන්නා අතර මහ බැංකුවේ අත්‍යාවශ්‍ය සේවා සියල්ල කිසිදු බාධාවකින් තොරව අඛණ්ඩව පවත්වාගෙන යන බව ද ශ්‍රී ලංකා මහ බැංකුව පෙන්වා දෙයි.

Related articles

Recent articles

spot_img