-4.3 C
New York

මහින්ද සහ මෛත්‍රී, වෙඩි නොවදින රථ ඉල්ලති

Published:

තම ආරක්ෂාව සඳහා වෙඩි නොවදින රථ නැවත අවශ්‍ය බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ සහ මෛත්‍රීපාල සිරිසේන දෙදෙනා ඉල්ලීම් කර ඇතැයි මහජන ආරක්ෂක අමාත්‍ය ආනන්ද විජේපාල පවසයි.

එම වාහන නැවත ඔවුන් දෙදෙනාට ලබාදීමට හැකියාවක් පවතින්නේ ද යන්න තීරණය ගැනීම සඳහා එම ඉල්ලීම මහජන ආරක්ෂක අමාත්‍යාංශය යටතේ ඇති ආරක්ෂණ සමාලෝචන කමිටුව වෙත ඉදිරිපත් කර එම කමිටුවෙන් ලබාදෙන නිර්දේශය මත තීරණය කරන බව ද හෙතෙම වැඩිදුරටත් කියා සිටියේය.

ඔවුන්ට ලබා දී තිබූ වෙඩි නොවදින රථ ඉවත්කිරීමෙන් හිටපු ජනාධිපතිවරුන් දෙදෙනාගේ ජීවිත  ආරක්ෂාවට යම් බලපෑමක් සිදු වන්නේ නම් එම වාහන නැවත ලබා දීමේ හැකියාවක් පවතින බව ආනන්ද විජේපාල කීවේය.

ඔහු වැඩිදුරටත් මෙසේ ද කීවේය.
”මේ වෙද්දී විශ්‍රාමික ජනාධිපතිවරුන්ගේ හිමිකම් පනත යටතේ හිමිකම් අහෝසි වුණා. ඉන්පසුව ඔවුන් යම්කිසි වාහන කිහිපයක් භාර දී තියෙනවා. ඉන්පසුව හිමිකම් පනත යටතේ ගැනෙන්නේ ආරක්ෂාව සම්බන්ධ කාරණය මම පසුගිය දවසක පාර්ලිමේන්තුවේදී ප්‍රකාශයක් කරමින් සඳහන් කළා ආරක්ෂාවට යම් බලපෑමක් සිදු වන්නේ නම් වාහන දීම හරහා එම වාහන නැවත ලබා දීමේ හැකියාවක් තියනවා කියලා”

Related articles

Recent articles

spot_img