කොටස් වෙළෙඳ පොළ අද (10) දිනයේ ගනුදෙනු 45.399ක් සිදුකරමින් සමස්ත පිරිවැටුම රුපියල් මිලියන 8,458ක් වාර්තා වූ අතර කොටස් මිල දර්ශකය ඒකක 143කින් ඉහළ යාම හේතුවෙන් දිනය අවසානයේ සමස්ත කොටස් මිල දර්ශකය වාර්තා වූයේ ඒකක 22,318ක් ලෙසිනි. ඒ අනුව කොටස් වෙළෙඳ පොළ ඉතිහාසයේ වැඩිම සමස්ත කොටස් මිල දර්ශකය අද දිනයේ වාර්තා විය.
වැඩිම පිරිවැටුමකින් කොටස් ගනුදෙනු වූ සමාගම්
- මර්කන්ටයිල් ඉන්වෙස්ට්මන්ට් සමාගම රුපියල් මිලියන 990
- පික් මී සමාගම රුපියල් මිලියන 361
- ෆස්ට් කැපිටල් සමාගම රුපියල් මිලියන 358
වැඩිම කොටස් ප්‍රමාණයක් ගනුදෙනු වූ සමාගම්
- එස්එන්බී ලීසිං සමාගම කොටස් මිලියන 182
- එස්එන්බී ලීසිං සමාගම (X) කොටස් මිලියන 87
- යූබී ෆිනෑන්ස් සමාගම කොටස් මිලියන 33
වැඩිම ප්‍රතිශතයකින් කොටස් මිල ඉහළ ගිය සමාගම්
- මුලර්ස් සමාගම 20 %
- එස්එන්බී ලීසිං සමාගම 20%
- ටෙස්ට් ඇග්‍රෝ සමාගම 13%
අද දිනය අවසානයේ වටිනාම සමාගම
- ජෝන් කීල්ස් සමාගම සමස්ත වත්කම් රුපියල් බිලියන 385
- කොමර්ෂල් බැංකුව සමස්ත වත්කම් රුපියල් බිලියන 332
- සිලෝන් ටුබැකෝ සමාගම සමස්ත වත්කම් රුපියල් බිලියන 316
විදේශ ආයෝජකයන් අද දිනයේ රුපියල් මිලියන 150ක කොටස් මිල දී ගත් අතර රුපියල් මිලියන 248ක කොටස් විකුණා තිබිණි. ඒ අනුව ඔවුන් රුපියල් මිලියන 98ක මුදලක් කොටස් වෙළෙඳ පොළ වෙතින් ඉවත්කරගෙන තිබිණි.
විදේශ ආයෝජකයන් විසින් කොටස් මිල දී ගත් සමාගම්
- පික් මී සමාගම රුපියල් මිලියන 56
- සියෙරා කේබල් සමාගම රුපියල් මිලියන 37
- අම්බන් හෝල්ඩින්ස් සමාගම රුපියල් මිලියන 13
විදේශ ආයෝජකයන් විසින් කොටස් විකුණන ලද සමාගම්
- ෆස්ට් කැපිටල් සමාගම රුපියල් මිලියන 85
- මෙල්ස්ටා කොප් සමාගම රුපියල් මිලියන 30
- ලංකා මිල්ක් ෆුඩ් සමාගම රුපියල් මිලියන 26
විශ්ලේෂණය – නීතිඥ රජින්ද්‍ර නාරංගොඩ



