කොටස් වෙළෙඳ පොළ අද (09) දිනයේ ගනුදෙනු 43,392ක් සිදුකරමින් සමස්ත පිරිවැටුම රුපියල් මිලියන 13,302ක් වාර්තා වූ අතර කොටස් මිල දර්ශකය ඒකක 76කින් ඉහළ යාම හේතුවෙන් දිනය අවසානයේ සමස්ත කොටස් මිල දර්ශකය වාර්තා වූයේ ඒකක 22,174ක් ලෙසිනි. ඒ අනුව කොටස් වෙළෙඳ පොළ ඉතිහාසයේ වැඩිම සමස්ත කොටස් මිල දර්ශකය අද දිනයේ වාර්තා විය.
වැඩිම පිරිවැටුමකින් කොටස් ගනුදෙනු වූ සමාගම්
- කොමර්ෂල් බැංකුව රුපියල් මිලියන 5,682
- ඩිමෝ සමාගම රුපියල් මිලියන 562
- ජෝන් කීල්ස් රුපියල් මිලියන 442
වැඩිම කොටස් ප්‍රමාණයක් ගනුදෙනු වූ සමාගම්
- එච්එන්බී ලීසිං සමාගම කොටස් මිලියන 430
- එච්එන්බී ලීසිං සමාගම (X) කොටස් මිලියන 163
- යූබී ෆිනෑන්ස් සමාගම කොටස් මිලියන 71
වැඩිම ප්‍රතිශතයකින් කොටස් මිල ඉහළ ගිය සමාගම්
- එච්එන්බී ලීසිං සමාගම 42 %
- ඩිමෝ සමාගම 27%
- යූබී ෆිනෑන්ස් සමාගම 24%
අද දිනය අවසානයේ වටිනාම සමාගම
- ජෝන් කීල්ස් සමාගම සමස්ත වත්කම් රුපියල් බිලියන 369
- කොමර්ෂල් බැංකුව සමස්ත වත්කම් රුපියල් බිලියන 329
- සිලෝන් ටුබැකෝ සමාගම සමස්ත වත්කම් රුපියල් බිලියන 316
විදේශ ආයෝජකයන් අද දිනයේ රුපියල් මිලියන 702ක කොටස් මිල දී ගත් අතර රුපියල් මිලියන 449ක කොටස් විකුණා තිබිණි. ඒ අනුව ඔවුන් රුපියල් මිලියන 252ක මුදලක් කොටස් වෙළෙඳ පොළ වෙත ආයෝජනය කර තිබිණි.
විදේශ ආයෝජකයන් විසින් කොටස් මිල දී ගත් සමාගම්
- කොමර්ෂල් බැංකුව රුපියල් මිලියන 292
- කාසන් කමබැක්ට් සමාගම රුපියල් මිලියන 154
- හේමාස් හෝල්ඩින්ස් සමාගම රුපියල් මිලියන 81
විදේශ ආයෝජකයන් විසින් කොටස් විකුණන ලද සමාගම්
- කාර්ගීල්ස් සමාගම රුපියල් මිලියන 183
- ඩයලොග් ආසියාටා සමාගම රුපියල් මිලියන 53
- ජෝන් කීල්ස් සමාගම රුපියල් මිලියන 45
විශ්ලේෂණය – නීතිඥ රජින්ද්‍ර නාරංගොඩ



