-4.3 C
New York

පාසල් සිසුන් දෙදෙනකු, මහවැලි ගඟේ සැඟවෙයි ?

Published:

විසිතුරු මසුන් මිල දී ගැනීමට යන බව පවසමින් මහවැලි ගඟට ගිය පාසල් සිසුන් දෙදෙනකු ඊයේ (08) සිට අතුරුදන්ව ඇතැයි පොලිසිය පවසයි.

මෙලෙස අතුරුදන්ව ඇත්තේ තැන්නේකුඹුර ප්‍රදේශයේ පදිංචි 14 වියේ පසු වූ රරවිචන්ද්‍රන් ජෙගදිස් සහ එම්. මිලාන් නමැති පාසල් සිසුන් දෙදෙනෙකි.

ඔවුන් සුරතල් මසුන් මිල දී ගැනීමට දිගන ප්‍රදේශයට යන බව පවසා නිවෙස්වලින් පිටතට පැමිණ ඇත. පසුව මෙම සිසුන් දෙදෙනා නිවසට නොමැපිණි බැවින් සොයා බැලූ විට තැන්නේකුඹුුර පාලම අසළ සිටි පුද්ගලයකු පවසා ඇත්තේ ඔවුන් පාලම ආසන්නයෙන් මහවැලි ගඟට බැසීමට සැරසුණු බවයි. එම අවස්ථාවේ දී ඔවුන්ට ගඟට නොබසින්න යැයි කියූ බවත් නමුත් තමන්ට පිහිනීමට හැකි බව පවසමින් ඔවුන් ගඟෙහි ගල්තලාවක් මත සිටි බව ද ඔහු පවසා ඇත. නැවත බලද්දී එම සිසුන් දෙදෙනා ගල්තලාව මත නොසිටි බැවින් ඔවුන් ගඟෙන් ගොඩවී යන්නට ඇතැයි තමා සිතූ බව ද ඔහු පොලිසියට පවසා ඇත.

 ඒ වනවිට වර්ෂාව හේතුවෙන් ගඟෙහි ජල මට්ටම ඉහළ ගොස් තිබූ බවත් ඔහු කියා තිබේ. මේ අතර සිසුන් දෙදෙනා මහවැලි ගඟට බැස සිටිනු දුටු බව තවත් කිහිප දෙනකු පොලිසියට පවසා තිබේ.

අතුරුදන්ව ඇති ජෙගදිස් සිසුවාගේ මව පොලිසියට පවසා ඇත්තේ තම පුතුට පිහිනීමට නොහැකි බවයි. එමෙන් ම කිසිවිටක ඔහු මහවැලි ගඟේ දිය නෑමට නොයන බව ද මව පවසා තිබේ.

අතුරුදන් සිසුන් දෙදෙනාගේ මිතුරකුගේ පියකු පොලිසියට සාක්ෂියක් ලබාදෙමින ්පවසා ඇත්තේ මෙම සිසුන් දෙදෙනා තම පුතුට ද මහවැලි ගඟේ දිය නෑමට ආරාධනා කළ නමුත් තම පුතා ඔවුන් සමඟ නොගිය බවයි.

මහනුවර මූලස්ථාන පොලිසිය සහ බලගොල්ල පොලිසිය ඔවුන් දෙදෙනා සොයා මෙහෙයුම් දියත් කර ඇත. නාවික හමුදාවේ කිමිදුම් කණ්ඩායමක් ද මහවැලි ගඟේ ඔවුන් සොයා මෙහෙයුම් ක්‍රියාත්මක කරයි.

Related articles

Recent articles

spot_img